ජන්කුක් ජිමින්ගෙ නර්තනය දිහා බලාගෙන හිටියේ වශි වෙලා වගේ .. එයාට වෙලාව යනවද ..කවුද එයා ගාව ඉන්න .. මම මෙහෙම බලන එක හරිද ..ඒ කිසිම දෙයක් ජන්කුක්ට හිතුන්නෑ ... ඒත් එක්කම ඒ නර්තනය අතරෙ ජන්කුක්ට ඇහුනෙ එයාගේ ෆෝන් එක රින් වෙන සද්දෙ...
බෑග් එකට අත යවලා ෆෝන් එක අතට අරන් ජන්කුක් කෝල් එක ආන්සර් කරා .." හෙලෝ කියන්න ජේ ..
" ආ....කොහෙද බං ඉන්නෙ දැන් එකටත් ලගයි ... උබ එන්නැද්ද දෙකට තියෙන ලෙක්චර් එකටවත් ආ...
එතකොට තමයි ජන්කුක්ට වෙලාව බැලවුනේ... දැන් පැය බාගයක් තිස්සේ එයා දොර ගාව හිටගෙන නැටුම් දිහා බලාගෙන ඉදලා ...
ජන්කුක් ඉක්මනට හතර වටේ බැලුවෙ තව කවුද ඉන්නෙ බලන්න .. ඇත්තටම කොල්ලට ටිකක් ලැජ්ජයි .. ඒක ලැජ්ජා වෙන්න දෙයක් නෙවේ .. ඒත් ජන්කුක්ට ඒකේ නුහුරු බවක් දැනුනා..." මම ...මම ඔයාලා ඉන්න තැනට එන්නම් .. කොහෙද ඉන්නේ ...
" අපි කැෆෙටේරියා එකේ ඉන්න...
" හරි මම එන්නම් ...
කෝල් එකත් කට් කරලා ජන්කුක් කැෆටරි එකට ගියා .. කට්ටියම කාලා එහෙම හවස ලෙක්චර් එකට ඉදලා ඒක ඉවර වුනාට පස්සේ යන්න පිටත් වුණා..
ඔය අතරෙ ජන්කුක් ජුන්ට කෝල් එකක් ගත්තා මොකද ජුන් තවම නිදි ඇති කියලා හිතිලා .." හෙලෝ හියුන් ... මොකද කරන්නේ...
" මම තාම නිදි ජන්කුක්.. ඒක නෙවේ අද මෙහෙ එන්න...
" ඇයි හියුන් ඒ ...
" නෑ ජන්කුකා... මට ටිකක් කතා කරන්න ඕන බං .. මට උබත් එක්ක කියන්න බැරි දෙයක් නෑ.. ඒක නිසා එන්න පුළුවන් ද මට කියන්න දෙයක් තියේ..
" හරි හියුන් ...
ජන්කුක් කෝල් එක කට් කරලා ෆෝන් එක සාක්කුවට දා ගත්තා... එහෙනම් ජේ .. මට අද ජුන් හියුන්ගෙ දිහා යන්න වෙනවා ..." ඇයි බං ප්‍රශ්නයක්ද... නෑනේ ...
" නෑ කියන්න බෑ බං හියුන් අවුලෙන් ...එයාලගෙ ෆැමිලි බිස්නස් නිසා හියුන් අසරණ වෙලා බං ...
" පව් බං ජුන් හියුන්.. දන්න කාලේ ඉදන්ම හැදුනෙ ගෙදර වැඩකරන මිනිස්සු ගාව .. එයාට පවුලෙ ආදරේ ලැබුණෙ නෑනේ ..
YOU ARE READING
Paris Love
Fanfictionසිනහවකින් කදුලු සැගවු තැනක... හිතට බර වැඩි දරා ගන්න වේදනාව .. මනසින් වැටෙමි සිය දහස් වරක් නෙතග තෙත් වු කදුලු බිදු මැදින් ... පවසන්න උත්සහ දරමි.... තවමත් ආදරෙයි ඔබට ... කුමක් හෝ දෙයකට ඔබ ඇතැරිය තැන සිට... සතුටින් සිටුන මැන වස්සානයට මා යලිත් ඔබ සොයා...