chapter 18

17 13 14
                                    

Paris love 🥀
Chapter 18

ජන්කුක් හිටියෙ ජුන්ගෙ එපාරට්මන්ට් එකේ බැල්කනි එකට වෙලා ..
ඊයේ හවස් වෙද්දි ජිමින් එක්ක පැරිස් වලට ආවත් ජිමින් ඒච්චර කතා කරේ නෑ..
පස්සෙ ජිමින් එයාගේ එපාර්ට්මන්ට් එකට ගියා ගියාමයි තාම ජිමින් එලියට ආවේ නෑ ...
කුක් කෝෆි එකක් බොන ගමන් කල්පනා කරේ ඇත්තටම එයා දැන් මොකද කරන්නේ කියලා ...

" මොනවද කුක් කල්පනා කරන්නෙ...??

" ජුන් හියුන් ආවද ... මෙච්චර ඉක්මනට

" ඔව් අද මාර්කට් එකේ සෙනග ටිකක් අඩුයි .. මට ඕන බඩු ටික අරන් ඉක්මනට ආවා ...

" ඕ ඒක හොදයි ...

" හම් ඒක නෙවේ දැන් මොනවද කල්පනා කරේ ...ම් ..

" නෑ හියුන් .. ජිමින් ...

" ඔව්. ..

" මම ඊයේ එයාට කැමතී කිව්වා .. ඒත් හියුන් ..

" ජිමින් අකමැති වුනාද ?
ජුන් ඇහුවෙ ජන්කුක් ලගින්ම ඉද ගන්න ගමන් ..

" එහෙම නෑ හියුන් එයා ඒ ගැන කතා කරන්න කැමති නෑ....

" ආ... එහෙනම් බඩු හරි ...
එකපාරම ජින් හයියෙන් හිනා වෙන ගමන් ගේ ඇතුළෙ ආවේ ජන්කුක් වගේම ජුනුත් බය වෙලා බලන් ඉද්දි ...

" මොකෝ මේ දෙන්නම බය වෙලා ...ආ..මම මේ ගෙදර පාස්වඩ් එක දන්නෙ නැතුවෑ ...
අනික මම මාර්කට් යන ගමන් ආවේ ...

ජින් කියාන ගියේ තාමත් ඇස් ලොකු කරන් බලන් ඉන්න ජුන් වගේම කුක් දිහා බලලා ...

" ආ... එහෙම දෙයක් නෑ ජින් ඔයා මේ එක පාරම ආවාම බය වුනා
ජුන් ජින්ටත් ඉදගන්න කියන ගමන් කිව්වා ...

" ආ ඒක නෙවේ හියුන් මොකක්ද හරි කිව්වෙ ...
කුක් ඇහුවෙ තමන්ගෙ ඉස්සරහින්ම ඉද ගත්ත ජින් ගෙන් ...

" මේකයි එයා ඔයාට අකමැති නම් එකපාරම අපි මේක නවත්තමු මම ඔයාට කැමති නෑ කියනවා ... ඒත් මෙතනදි එයා කියන්නෙ දැම්ම එපා කියනවා වගේ දෙයක් ඒ කියන්නෙ එයා තාම හිතින් ඔයාට ආදරෙයි ද නැද්ද කියලා හිතනවා වෙන්න පුළුවන්...

" ආ ජින් කියන දේ ඇත්ත කුක් ...

" ඒකණේ ..  ඔයා දැන් කුක් එයාව මග අරින්න එපා එහෙම කිව්වා කියලා .. එයා එක්ක තව ලගින් ඉන්න බලන්න.. එතකොට එයාටම ඔයාව ඕන වෙයි .. 
ජින් ලාවට හිනා වෙලා කිව්වා...

Paris Love Where stories live. Discover now