chapter 02

62 17 3
                                    

Paris love 🥀❣️

       Chapter 02

ආදරේ නගරය තුල ලියවුන ප්‍රේමය..♡

" හරි ඔයාට එයාව අදුර ගන්න නේද පුතා ඕන ...අදුර ගන්න නම් එයා එක්ක ටික දවසක් ඉන්න ඕන නේ... දැන් ටේ පුතා ඉන්නෙ පැරිස් වල එයාගෙ අම්මා ගාව.. ඔයා පැරිස් යන්න..."

තමන්ගෙ ප්ලේට් එක දිහා බලාගෙනම කියපු මිසිස් ජියොන් ඇගට නොදැනි ඒ ටික කියලා දැම්මා....

වාහනේ යතුරත් අරන් යන්න නැගිට්ට ජන්කුක් එක පාරම හිටපු තැන ගල් ගැහුණෙ ඒ කතාවට ...

" ඔම්මා.... මොකක්ද ඔයා කිව්වෙ... මම .... පැරිස් යන්න....
ජන්කුක් ප්‍රදාන දොර දිහා බලාගෙනම ඇහුවා...

" ඔව් මම ඒක තමයි කිව්වෙ පුතා... "

ඒත් ඔම්මා ...මේ හැමදේම දාලා මට එහෙම යන්න බෑ කවුද මේ දේවල් බලා ගන්න....  ඒක නම් කරන්න බෑ...

ජන්කුක් මිසිස් ජියොන් දිහාට හැරෙන ගමන් කිව්වා...

" ඔයා හරියට කතා කරන්නෙ පුතා ඔයාගෙ අප්පා නෑ වගේනේ... මතක තියා ගන්න ජන්කුක් ,.අප්පා විශ්‍රාම ගියා විතරයි...මැරුනෙ නෑ....එයාට ඔයා නැති දවස් ටිකට කම්පැනිය ගැන බලා ගන්න පුළුවන්...

" ඒත් ඔම්මා....

" කට වහන්න ජන්කුක් මම තාම කතා කරනවා... මම ඔයාගෙ ජැක්සන් හියුන්ට කිව්වා ටික දවසකට අපේ කම්පැනි එක ගැනත් බලන්න කියලා... ඒක නිසා ඔයාට බය වෙන්න දෙයක් නෑ...

හිටපු තැනම ජන්කුක්ව නිහඩ කරවන්න මිසිස් ජියොන් දුන්න උත්තරේට පුළුවන් වුනා....

" ඒත් ඔම්මා....

නෑ පුතා ඔයා අපි කියන දේ අහන්න මේ පාර අපි ඔයාට නරකක් කරන්නෙ නෑනේ... නේද ජියොන්....

මිස්ටර් ජියොන් දිහා බලලා මද සිනාවක් පා කල මිසිස් ජියොන් මිස්ටර් ජියොන්ටත් කතාවට එකතු වෙන්න ආරාධනා කරා...

" ඔව් පුතා... ඕම්මා කියන කතාව ඇත්ත.. ඔයා ටික දවසකට මේ බිස්නස් වලින් අයින් වෙලා ජීවිතේ විදින්න උත්සහ කරන්න පුතා...

මිස්ටර් ජියොන් ජන්කුක්ගෙ පිටට තට්ටුවක් දාලා නැගිට්ටා...

මිසිස් ජියොනුත් ඒත් එක්කම නැගිටලා kitchen එකට ගියා...

Paris Love Onde histórias criam vida. Descubra agora