chapter 07

41 15 1
                                    

Paris love 🥀🥀
Chapter 07
ජන්කුක් ඈතින් පේන උස බිල්ඩිම් මැද්දෙන් වැටුන පාර දිගේ එහා මෙහා යන මිනිස්සු දිහා බලාගෙන එයාගේ අතීතය මතක් කරා ....

අවුරුදු හතරකට පෙර ...

" ඒයි ජන්කුකා.... මේ මට නම් බං එපා වෙලා ඉන්නේ... මේක විකාරයක් බං.. පාඩම් කරලම එපා වෙනවා ..  අහවල් එකට මම බිස්නස් ඩිග්‍රිය කරනවද මන්දා....

ජේ එයාගේ පොත්ත අරන් යුනි එකේ ගහක් වටේ කැරකි කැරකි කියවනවා..

" ඕක නවත්තපිය ජේ... මම පාඩම් කරනවා ..එහෙම කියපු ඩිලන් යකා ආවේශ වෙලා වගේ කෑ ගැහුවා...

" අම්මෝ දෙයියො දැක්කා වගේ ජින් හියුන් එනවා ..  යන් කැෆටේරියා එකට ..

එහෙම කියාන පොත අතේ තියන් හිටිය ජන්කුක් වත් ඇදගෙන ජේ දිව්වෙ ජින් ඉන්න තැනට

" යමුද ... කෝ ඩිලන්...

"එයා  එරික් එක්ක එයි අපි යමු අනේ .. එහෙම කියලා ජේ ජන්කුක්ව ආයෙත් ඇදගෙන දුවන් ගිහින් කැෆ්ටේරියා එකේ මේසේකින් ඉද ගත්තා...

ජන්කුක් ඉස්සරයි දැන් කියන්නෙ ඒච්චර වෙනස් දෙන්නෙක් නෙවේ ...ජන්කුක් සාමාන්‍ය විදිහට නිහඩ කෙනෙක් ...ඒත් ඕන තැනදී කතා කරා ...

" ටිකකින් ජින්,ජුන්,ඩිලන් වගේම එරිකුත් ඇවිත් මේසෙන් ඉද ගත්තා...

"ඒක  නෙවෙයි හියුන් මම හිතන්නෙ හියුන්ලා මේ මාස හතරින් පස්සෙ ආයේ යුනි එන්න ඕන නෑ නේද ... නිවාඩු නේ ...

"ඕ එහෙම දෙයක් නෑ  ජේ .. අපිට final exam ඒක තියෙන්නෙ ඔයා දන්නවනෙ ..ඉතින් අපිට කැමති නම් ගෙදර නතර වෙලා පාඩම් කරන්න පුළුවන්... නැතුව නිවාඩුවක් නෙවේ ...

" එතකොට ජුන් හියුන් හොස්ටල් එකේ නවතිනවද ඉතුරු දවස් ටික...
ජන්කුක් අහුවෙ ජුන් දිහා බලාගෙන

" ඕ නෑ... මම අපේ එපාර්ට්මන්ට් එකට යනවා.. ඔයත් ඕන නම් එන්න ජන්කුක් හොස්ටල් එකේ ඉන්න ඕන නෑනේ ...

" ඕ ...ඒත් මම හොස්ටල් එකේ ඉන්න කැමති හියුන් මට ඒක ප්‍රශ්නයක් නෑ..එහෙම කියපු ජන්කුක් ජේ දිහා බැලුවා...

" ඒක නෙවේ ඩිලන් මේපාර අපේ මියුසික් කම්පිටිෂන් එකට අර ඩාන්සින් ඇකඩමි එකේ අය ප්‍රැක්ටිස් කරන්න එනවා කියලා කියන්නෙ ඇත්තද ...

Paris Love Where stories live. Discover now