chapter 13

37 12 1
                                    

Paris love 🥀
Chapter 13

ආදරේ නගරය තුල ලියවුන ප්‍රේමය♡

ජන්කුක් වොෂ් එකකුත් දාගෙන පල්ලෙහට එද්දි ජුන් ජන්කුක්ටයි එයාටයි කොෆි දෙකක් හදාන රූෆ්ටොප් එකට ආවා ...
ජන්කුක් රූෆ්ටොප් එකට ගිහින් එතන පුටුවකින් ඉද ගත්තා...
ටික වෙලාවක් යනකම්ම දෙන්නාගෙන් එක්කෙනෙක් වත් කතා කරේ නෑ.. ඒත් ඒ නිශ්ශබ්ද බව බින්දෙ ජුන් ...

" ජන්කුකා ....

" හියුන් ...

" ඔයාගෙයි ජිමින්ගෙයි අතර තියෙන සම්බන්දෙ මොකක්ද ...

" හියුන් මොකක්ද අහන්නෙ ...

" මම අහන්නෙ ඔයා ජිමින්ට ආදරේද කියලා ...

" හියුන් මොනාද මේ අහන්නෙ ...එයාව අදුරගෙන මම එච්චර කාලයක් නෑ හියුන් .. අඩුම ගානේ අපි තවම යාළුවොත් නෙවේ ...

" ඔයාට ජිමින්ව දැනෙන්නෙ කොහොමද ...

" එයා හොද කෙනෙක්...

" තමන්වම රවට්ට ගන්න එපා ජන්කුක්.. මේ මේ දේවල් අහන්නෙ ඔයාට කියන්නෙ හේතුවක් ඇතුව .. හොදද .. හැමදේම ඉක්මනට නැති වෙන්න පුළුවන්... ඒක නිසා ඉක්මන් වෙන එක සමහර වෙලාවට හොදයි ...

" හරි හියුන් මම මතක තියා ගන්නම් ...

" ජිමින් කියන්නෙ නරක ලමෙක් නෙවේ ... මම එයාව දන්නෙ එපාර්මන්ට් එකට ආව මුල් කාලේ ඉදන්ම ගොඩක් මහන්සි වෙලා වැඩ කරන හොද මනුස්සයෙක්... ජීවිතේ හැමදාම හොද දේවල් හම්බෙනවා අඩුයි .. අපි එතකොට කරන්න ඕන අපිට ලැබෙන අවස්ථා නැති කරගන්න නැතුව පරිස්සම් කරන එක...අනික අහම්බෙන් හම්බෙන දේවල් ගොඩක් ලස්සනයි වගේම වටිනවා ...

" මට තේරෙනවා හියුන් ඒත් මං තාම ලෑස්ති නෑ .. වගකීමකට ,බැදීම් වලට මං තාම ලෑස්ති නෑ හියූන් ...

" ට්‍රයි කරලා බලන්න කුක් ඔයා දැන් පොඩි ළමයෙක් නෙවේ ..

දෙන්නගෙම කතාව නැවුතුනෙ එකපාරම ගෙදර බෙල් එක රින්ග් වුන නිසා ...

" මම හිතන්නෙ ජීනී හියුන් ඇවිත් හියුන් මම බලන්නම් ..
ජන්කුක් දුවගෙන ගිහින් දොර ඇරියා..

" ජීනී හියුන්.... ඔයා කලින් ...

" කලින් නෙවේ කුක් දැන් 5 ටත් ලගයී ...

Paris Love Where stories live. Discover now