chapter 52

22 7 5
                                    

Paris love 🥀🥀
Chapter 52

ජන්කුක් ආවේ ජේ එවපු ලොකේෂන් වල තිබුන සේන් ගග ගාව තිබුන පාර්ක් එක ගාවට ..

" ජේ ..

ජන්කුක් හිමිට ගිහින් ජේ ඉදන් හිටිය බෙන්ච් එකේ අනිත් කොනෙන් ඉද ගත්තා...එයාට හදිස්සී .. ඕනවටත් වඩා .. වෙච්ච දේවල් දැන ගන්න තවමත් පරක්කු නෑ කියන මට්ටමේ ජන්කුක් ඉන්නෙ ..

" මම හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට එයි කියලා..

තමන්ට එහා පැතූතෙන් ඉද ගත්තා ජන්කුක් දිහා බලන්නෙවත් නැතුව ජේ කියද්දි ජන්කුක් හිනාවක් දීලා ඉස්සරහ පේන ගග දිහා බැලුවා...

" ම් මම ටේගේ කම්පැනි එකට ආවා ..

"ඕ ... හරි ..ඉතින් අද යනවද ??

" ඔව් ජේ රෑ ෆ්ලයිට් එකේ යනවා .. උබ එනවද ??

ජන්කුක් ලොකු හුස්මක් පිට කරලා අහද්දි ජේත් ඒ සමාන විදිහටම බර හුස්මක් පිට කරේ හිත සන්සුන් කරගන්න ..

" නෑ ජන්කුක්.. මම එන්නම් මම වුන පොරොන්දුව ඉෂ්ට කරගෙන ..

" මොකක් ජිමින්ව හොයා ගන්න එකද ??

" හම් ඔව් ..

ජේ ජන්කුක් දෙන්නම ඈතින් පේන ගග දිහා බැලුවෙ තමන්ගෙ හිතුත් මේ ගග වගේ නේද කියලා හිතන ගමන් .. පිටතින් හරිම සාමකාමී .. වතුර විතරමයි ඒත් ඇතුලතින් කොච්චර රහස් හංගන් ඇත්ද ??...

" කුක්කා තව ටික දවසක් ඉන්න බැරිද ආ....ජේ ආයාචනාව ඉල්ලීමක් කරා .. එයාට එයාව විශ්වාසයි .. ඒත් තව කල් ඕන ..

"ම් .. මම දන්නවා ජේ උබ මේ හැමදේම කරන්නෙ මං වෙනුවෙන් .. මේක උබට අයිති දෙයක් නෙවේ .. ඒත් උබ මේක කරනවා .. මට ඒකට එපා කියන්න බෑ මොකද මේක උබේ කැමැත්ත.. ඒත් බං මට දැන් ආදරේ පස්සෙම දුවන්න වෙලාවක් නෑ.. මටත් වගකීම් තියේ .. මම දැන් ඒ පිස්සු නටපු කොල්ලා නෙවේ බං.. සමා වෙයන් මම අද යන්නම ඕන .. මට හරි මහන්සී ..මට ඒ මත්තෙ නැහිලා හති බං ..

" හම් ඔව් නේද.. හැමදේම සංකීර්ණ වෙලා බං ..මට උබව තේරුම් ගන්න පුළුවන්.. කමක් නෑ මම මොනවා හරි දැන ගත්ත ගමන් උබට කියන්නම් ..ම් ..

ජේ ජන්කුක්ගෙ පිටට තට්ටුවක් දාලා කිව්වෙ හීන් හිනාවක් මතු කරගන්න ගමන් .. සමහරක් විට මිනිස්සුන්ගෙ ආදරේ කාලයක් යද්දි පුස් බැදෙනවා කියන්නෙ මේකට වෙන්න ඇති .. ජන්කුක්ට මහන්සී කියපු වචන ටිකෙන්ම ජේට ඒක තේරුනා .. 

Je hebt het einde van de gepubliceerde delen bereikt.

⏰ Laatst bijgewerkt: May 20 ⏰

Voeg dit verhaal toe aan je bibliotheek om op de hoogte gebracht te worden van nieuwe delen!

Paris Love Waar verhalen tot leven komen. Ontdek het nu