chapter 43

22 10 5
                                    

Paris love 🥀🥀
Chapter 43

" මට තේරෙනවා කුක්කා උබ මොන මට්ටමේද ඉන්නෙ කියලා .. ඒත් මටත් දෙයක් කියන්න තියේ බං ...

" ඔව් මොකක්ද ..
ජන්කුක් එයාගේ කදුලක් පිහින ගමන් ඇහුවා ..

" මම එදා මෙහෙ ආවාම ජිමින්ව දැක්කා ..

" ආ... මොකක්ද ??....

_⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠__⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠__⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠_

"ඔව් බං  උබට මතක නම් එදා කොෆි ෂොප් එක ගාවදි උබ මාව පාරෙන් ඇදලා ගත්තා මතකද ..ආ...

Remember past memories
[ජන්කුක් ඉස්සරහට යද්දි පාර මැද්දේ හිටන් මොනවා හරි දිහා බලාගෙන කවුරු හරි හොයන ජේව දැක්කා ...

ඒත් එක්කම ජන්කුක් දැක්කෙ තව ටිකකින් සිග්නල් මාරු වෙන්න යන්නෙ කියලා...

ඉක්මනට දුවගෙන ගියපු ජන්කුක් ජේව ඇදගෙන නවත්තලා තිබුන වාහනේ ගාවට ආවා...

" මැරෙන්න ද හදන්නේ යකූ....ආ...

" ජ....ජන්කුකා ...මම... දැක්කා.....මම දැක්කා...

ජේ බය වෙලා වගේ කතා කරන දිහා ජන්කුක් පුදුම වෙලා බලන් හිටියෙ ..]

This moment in the present

" එතකොට උබ එදා බය වෙලා හිටියෙ ජිමින්ව දැකලද .. ජන්කුක් පිස්සුවෙන් වගේ හිනා වෙන ගමන් ඇහුවා..

" ඔව් මට විශ්වාසයි මම දැක්කෙ ජිමින් ..

" එයා මෙහෙ ඉන්න විදිහක් නෑ.. ආයේ පාරක් මට මගෙ පරණ අපායට වැටෙන්න බෑ ජේ .. අමතක කරන්න..

" ජන්කුක් .. උබ මෙච්චර කාලයක් ආදරේ කරල ඔහොම අතාරින්න පුළුවන්ද ආ...මම දන්නවා උබ ටේට ආදරේ කරන්න හිත හදාගන්න ඇති ..එහෙමයි කියලා උබේ හිතේ මිනීට තියන තැන නෑ කියලා මට කියන්න එපා බං ..

" එයා ...ඒ....එයා...ජන්කුක්ට එයා තමයි හැම වෙලේම පලවෙනි තැන වුනේ .. ඒත් මට දැන් එයාව හොයන්න බයයි ජේ ..

" ඒත් උබ කිව්වා ඒක පාරක් ජිමින්ව දකින්න ඕන කියලා ..

" මම කිව්වෙ නෑ බං ඒ එයාගේ ලගින් ඉදලා කියලා ..
එයාට ඒච්චර ආදරයක් දුන්න මගෙ ගාවින් යන්න එයාට සාධාරණ හේතුවක් තියෙන්න ඇති .. නැත්තං එයා එහෙම කරන්නෙ නෑ.. දැන් එයාට ඒයාගෙම කියලා ආදරයකුත් ඇති ..මම ඇයි එයාට වදයක් වෙන්නෙ ආ...

Paris Love Where stories live. Discover now