chapter 46

20 9 4
                                    

Paris love 🥀🥀
Chapter 46

ජිමින් ජන්මින්ට කිරි එකකුත් හදන් ඒක පුංචි කිරි බෝතලේට දාගෙන පඩිපෙල ගොඩ වුනා ..

_⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠__⁠_⁠_⁠_⁠ 🍁_⁠_⁠_⁠_⁠__⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠_

ජිමින් හිමීට කාමරේ ලයිට් එක දැම්මත් ජන්මින් ඇදේ හිටියෙ නෑ...
කලබල වුන ජිමින් ඉක්මනට ජන්මින්ව හොයන්න ගත්තා ..

" ජන්මින් පුතේ ... ජන්මින් කොහෙද රත්තරං ඉන්නෙ ...ජන්මින් ..

ජිමින් කතා කරාට ලමයා නම් හිටිය තැනෙන් එලියට ආවේ නෑ... ඒත් පොඩ්ඩගෙ ජැකට් එකේ කොනක් ක්ලෝසෙට් එකෙන් එලියට ඇවිත් තිබුනෙ ජිමින්ගෙ හුස්ම ආයේ සාමාන්‍ය තත්වෙට ගන්න ගමන් ..
කිරි එක ටේබල් එක උඩින් තියලා ජිමින් ගිහින් ක්ලෝසෙට් එක ගාවම බිමින් ඉද ගත්තා..

පොඩ්ඩ කබඩ් එකට රින්ගන්න හේතුව ජිමින් හොදටම දන්නවා .. ඇස් වලින් කදුළු වැටෙද්දි ජිමින් හිමීට ක්ලෝසෙට් එක ඇරියා ..
හිතුව විදිහටම පොඩි එකා ජැකට් එකත් තුරුල් කරගෙන නිදාගෙන ඉන්නවා දැකලා ජිමින් කට අතින් වහ ගත්තෙ පිට වෙන්න ගිය කිය නවත්තගන්න ..
පපුවටත් අත තියන් පොඩි එකාට ටිකක් එහෙමම ඉන්න දීලා ලාවට ක්ලෝසෙට් එකේ දොර වැහුව ජිමින් හොද හුස්මක් ගත්තෙ තමන්වම සන්සුන් කර ගන්න...

" මට සමා වෙන්න පුතේ .. මේ හැමදේම ඔයාගේ පපාගේ මෝඩකම් නිසා .. මම එදා ඒ මෝඩකම් නොකරනම්.
අද ඔයා මෙහෙම විදවන්නෙ නෑ රත්තරනේ.. මට සමා වෙන්න...
ජිමින් හැමදාම වගේ වැරැද්ද තමන්ට පටව ගන්නවා ...

ආයෙත් හිමීට දොර ඇරලා පොඩ්ඩා අතට ගත්ත ජිමින් දරුවව වඩාන ඇද ගාවට ආවා .. පොඩ්ඩව ඇදෙන් තියලා තෙත ටවල් එකක් අරන් ඇවිත් පොඩ්ඩගෙ මූන ටිකක් පිස්සෙ පොඩ්ඩා සීතලටම ඇස් අරිද්දි ..

" පපා....

" මැණික ... ජිමින් ලස්සනට හිනා වෙලා පොඩ්ඩ ගෙ නහයට තට්ටුවක් දැම්මා ..

" පපා... ඔයා ඔයා ... කෝ ඒක .. ඔයා ආයේ පාලක් ඒක විතික් කරාද ..අනේ පපා..

" මොකක්ද රත්තරං...ම් ..

" මගෙ අප්පගේ ජැකත් එක... ඒක .. අනී පපා...
පොඩ්ඩා ආයේ අඩන්න වගේ හදද්දි ජිමින් ඉක්මනට ඇදේ හෙඩ් බෝඩ් එකට දාපු කෝට් එක අතට අරන් පොඩි එකාට දුන්නා..

Paris Love Where stories live. Discover now