chapter 37

21 8 2
                                    

Paris love 🥀🥀
Chapter 37

ජිමිනි හිටියෙ ජන්කුක්ට තුරුල් වෙලා සැපට ඇස් පියාන .. පුංචි ගෙරවිලි වලින් ජන්කුක්ට තේරුනා ජිමින් හොදට නිදාගෙන ඉන්නෙ කියලා ...
ජන්කුක් වුනත් එහෙම්මම ඇස් පියා ගන්න හැදුවෙ මහන්සි නිසා ...
ඒත් එකපාරම ,

" අනී එපා මගෙ ලගට එන්න එපා .. අනේ ජ...ජන්කුක් .. අනේ අහකට යනවා ... මාව අල්ලන්න එපා. .

ජිමින් නින්දෙන්ම ඉකි ගගහා අඩන්න පටන් ගත්ත නිසා ජන්කුක් ඉක්මනට  බෙඩ්  ලෑම්ප් එක දාලා ජිමින්ව ඇහැරව්වා ..

" ඇයි බබා ම් .. ජිමින් නැගිටින්න ඒක හීනයක් මැණික.. චිමී ..

ලාවට ඇස් ඇරිය ජිමින් එකපාරම ජන්කුක්ගෙ නිරුවත් පපුව බදාන අඩන්න පටන් ගත්තා..

" චිමී ඇයි මේ ... කෝ දැන් ඇති ළමයො ..

ජිමින්ගෙ ඇඩිල්ල ඉවර වෙන්නෙ නැතිම තැන ජන්කුක් ජිමින්ව තමන්ගෙ ඔඩොක්කුවට ගත්තා...

"  බබා මගෙ දිහා බලන්න.. ඇයි එකපාරටම අඩන්නෙ ආ...

" කුකී... මට බයයි ..

" ඒ ඇයි.... ම් .
ජන්කුක් ජිමින්ගෙ කදුළු පිහිදින ගමන් ටිකක් දෙපැත්තට පැද්දුනෙ ජිමින්ව නලවන්න වගේ ..

" මට... මට ඔය නැති වුනොත් ..
ජිමින් නහයත් උඩට අදින ගමන් ඇහුවා ..

" එහෙම වෙන්න මම නැති වෙන්න ඕනනෙ .. දැන් මම මේ ඉන්නෙ ..

" එහෙම නෙවේ ඔයා මාව දාලා යනවද ?? මට ඔයාව එපා කියලා මම යන්න හැදුවොත් .. මම ඔයාව දාලා ගියොත් ... ඔයා මේ හිතුවක්කාර මිනීව දාලා යනවද ??

ජිමින් කදුළු පිරුන ඇස් වලින් අහද්දි ජන්කුක් හොද හුස්මක් අරන් ජිමින්ව තමන්ගෙ පපුවට තුරුල් කර ගත්තා...

" බලන්න මිනී බබා ලමයි කොච්චර දග වැඩ කරත් අම්මට ඒ ලමයි එපා වෙන්න නෑ ... ඔයා මාව කොච්චර දාලා ගියත් , මට වෛර කරත් , මාව එපා කිව්වත් .. මේ ජන්කුක් ආදරේ කරන පලවෙනි වගේම අන්තිම කෙනත් ඔයා තමයි මිනී .
ඔයාට යන්න ඕන නම් මම කවදාවත් ඔයාව නවත්තන්නෙ නෑ... ඔයාට අපේ ආදරේ එපා වුන පලවෙනි විනාඩියෙම මම ඔයාට යන්න දෙනවා රත්තරං...
ඒත් මේ ආදරේ ඒ විදිහටම තියේ .. හැමදාම ඔයා වෙනුවෙන්ම විතරක් ..
තේරුනාද ...ම්..

Paris Love Where stories live. Discover now