chapter 03

47 17 5
                                    

Paris love 🥀❣️

            Chapter 03

ආදරේ නගරය තුල ලියවුන ප්‍රේමය ♡

ජියොන් mansion  එකෙන් පිටත් වුන වාහන ප්‍රධාන පාරට ඇතුලු වෙලා හෙමින් ගමන් කරන අතර මග ජන්කුක් හිටියෙ වාහනෙ ශටර් එකෙන් එලිය බලාගෙන....

" ජන්කුක්... දෙයක් කියන්නම් අහනවද...ම්..
ජුන් කිව්වෙ කාර් එක drive කරන ගමන්නමයි...

ජන්කුක්ගෙන් කිසිම උත්තරයක් නොලැබුනත්  ජුන් කතාව දිගටම කරගෙන යන්න හිතුවෙ මොනවා වුනත් කියන දේ ජන්කුක් අහගෙන ඉන්න කියලා තේරුන නිසා...

" මම දන්නවා උබ අවුලෙන් ... යුනි ගියපු කාලේ අපි මේ වගෙ බරපතල විදිහට හිතපු අය නෙවේනෙ බං ...අනික අපිට කියලා වගකීම්වත් තිබුණෙ නෑ... ලැබුන නිදහස උපරිමයෙන් අපි වින්දා...
උබට මතකනෙ අපි නටපු පිස්සු....

ජුන් සයිඩ් කන්නාඩිය දිහා බලන ගමන් කිව්වා ..

ආදරේ කියන්නෙ ලස්සන  හැගීමක් බං ඒත් හැමදේටම හරි කාලයක් තියේ... ඒ කාලේ අපේ වයසට ආව පොඩි හැගීම් නිසා උබ ජීවිතයම විදවන්න ඕන නෑ බං... අපි දැන් ඊට වඩා පරිණතයි... හිතහන් ටිකක්... මතක අමතක කරන්න බෑ... ඒත් අලුත් මතක හදාගන්න උත්සහ කරහන්....

උබ ඔය මූඩ් එකෙන්ම නම් එහෙ ගිහිනුත් ඉන්න හදන්නෙ... ඊට වඩා හොදයි නොගිහින් ඉන්න එක බං ....

ජුන් ඉස්සරහ බලාගෙනම කිව්වා ..

" හම්.... මට පරණ තුවාල පෑරෙනවා වගේ දැනෙනවා හියුන්.... හිත ගොඩක් රිදෙනවා .. අමතක කරන්න බැරි මතක ඉස්සරහ මම අසරණයි හියුන්....

ජන්කුක් එලිය බලාගෙනම කිව්වට ඇස් අග දිලිසෙන කදුලු බින්දු ජුන් හොදට දැක්කා....

" හැම දෙයක්ම හොදට විසදෙයි ජන්කුක් ... අනික තමයි අපේ ආච්චි අම්මා හැමවෙලේම කියන කතාවක් තියනවා දන්නව....

ජන්කුක් ජුන්ගෙ පැත්තට හැරුනා...

" දෙයක් වෙන්න තියේ නම් ඒක කොහොම හරි වෙනවා....

ඒත් ඉතින් මම ඕක විශ්වාස කෙරේ නෑ... හැබැයි මම මගෙ වාසියට ඒ වචනෙ දා ගත්තා....

ජුන් කිව්වෙ ලාවට හිනා වෙලා...

" ඒ මොකටද....

" නෑ.. මගෙ අතින් බඩුවක් බිදුනහම මම කියනවා ... වෙන්න තියන දේ කොහොම හරි වෙනවා කියලා ..😂
ආයේ කවුරුත් බයින්න ඒන්නෑ...

Paris Love Where stories live. Discover now