chapter 38

17 8 0
                                    

Paris love 🥀🥀
Chapter 38

ජිමින් තමන්ගෙ රතු වුන කම්මුල් අත් දෙකෙන් පිරි මදින ගමන් ජන්කුක්ගෙ අතේ එල්ලිලා ඩිලන් එරික් හිටිය බෙන්ච් එක ගාවට ගියා ..

___________________________

" ඉතින් කොහොමද .. උබලා දෙන්නා මෙතන මොකද බං මේ වෙලාවේ කරන්නෙ ..
ජන්කුක් ගානකට නොගෙන ඇහුවා ..

" ආ.. මේ .. තව ටිකක් වෙලා ගියා නම් අපිටත් හිතෙනවා බං ඇයි අපි පාර්ක් ආවේ කියලා ..
එරික් හිනාව පාලනය කරගෙන කියද්දි ජිමින් තව ටිකක් ජන්කුක්ගෙ පිටි පස්ස ගියේ ලැජ්ජාවට ..

" බලනවා මේ ලමයා ලැජ්ජාවෙ ඉන්න හැටි .. තමන්ව පාලනය කරගන්නවා කුක්කා ..
එරික් ජිමින්ගෙ අතින් අල්ලලා ඉස්සරහට ගන්න ගමන් කියද්දි ජන්කුක් අහක බලන් හිනා වුනා...

" මොකද උබ හිනා වෙන්නෙ ..

එරික් රවාන අහද්දි කුක් ඒ ඉස්සරහම බන්කුවෙන් වාඩි වෙලා ජිමින්ටත් ඊට එහා එකෙන් වාඩි වෙන්න කිව්වා .. ඒත්  ඒ  මොනම වෙලාවකවත් කුක් ජිමින්ගෙ අත නම් අතෑරියෙ නෑ ...

" නෑ එරික් ...අහිංසකයි වගේ පේන කියුට් දේවල් විශ්වාස කරන්න එපා බං .. සමහර වෙලාවට ඒ දේවල් වලට ගල් වුනත් දිය වෙනවා ..

ජන්කුක් ජිමින් දිහා බලාගෙන කියද්දි ජිමින් රැවුවේ ජන්කුක්ගෙ ආත්මෙම පුච්චන්න හිතෙන තරහෙන් ..

" හරි හරි උබ හෙන ගලනෙ ..
මෙච්චර වෙලා කට වහන් සැන්විච් එකකට වැඩේ දෙනගමන් හිටිය ඩිලන් කට ඇරියා ..

" හරි හරි බං .. උබලා දෙන්නා මොකද දැන් මේ වෙලේ මෙතන ඈ.. යන යන තැන කපල් එක වගේ ඉන්නවා උබලා දෙන්නා ..

ජන්කුක් ඩිලන් ගෙ වෝටර් බොටල් එක අර ගන්න ගමන් ඇහුවෙ ඩිලන් එයාගේ ලන්ච් බොක්ස් එක අරිද්දි ..

" අපිට ඉතින් කොහෙද බං ආදරේ කරන්න උන් .. අපි දෙන්නා ඉතින් මේ දවල්ට කෑම ගන්න ආපු පාර යුනි එකට යන්න වුනා හදිස්සියෙ .. ඊට පස්සෙ දැන් තමයි මේ කෑම ගත්තෙ කන්න .. ඒක කන්න කියලා පාර්ක් එකට ආවාම .. ඒකේ එකෙක් අපිට වඩා බඩගින්නෙ ඉන්නවා දැකලා කෑමත් එපා වුනා ..

එරික් කොහෙන් පටන් ගත්තත් ඒක ඉවර කරන්නෙ තමන්ට හින්ට් පාස් කරලා කියලා ජන්කුක් හොදට දන්න නිසා ඒච්චර ගනන් නොගෙන හිටියා ..

Paris Love Where stories live. Discover now