chapter 28

19 8 1
                                    

Paris love
Chapter 28

ජිමින් ජන්කුක් දිහා බලාගෙන ඉද්දි ජන්කුක් ෆයිටින් කියලා අත මිට මොලවලා ටිකක් උඩට උස්සලා ජිමින්ව දිරිමත් කරා ..

හොද හුස්මක් අරන් ජිමින් අනිත් පැත්තට හැරිලා ටිකක් එහාට ගියා ...

ලමයෙක් එතනට බංකු දෙකක් ගෙනත් තිබ්බා ..
ජංකුක් එතන ඒක බංකුවකින් ඉද ගත්තා...
හිතේ විශ්වාසය තියාන ජිමින් හොද හුස්මක් අරන් ජන්කුක් ගාවට ආවා ...
ජන්කුක් හිටියෙ ඈත පේන තරු අතරෙ ඇස් අතරමං කරගෙන ..ජිමින් ජන්කුක් ගාවින්ම ඉද ගත්තා... ඉදගෙන හොද හුස්මක් අරන් ජිමින්ගෙ ඇස් ඒ අහස දිහාට අරන් ගියා ..

මේක රගපෑමක්ම වෙයිද ??

" කුක් ... එදා වගේමයි නේද ?

" කාලය ඉක්මනට යනවා චිම් ඒත් පරිසරය තිබුනා වගේමයි ...

" මට ඔයාගේ ලොකු බර වචන තාමත් තේරුම් ගන්න අමාරුයි කුක් .. ඒවා මාව රිද්දනවා ගොඩක් ..

" ඔයා දන්නවා චිම් අපි පටන් ගත්තෙම වැරද්දක් ..ඉතින් කදුලු වලින් පටන් ගත්ත කතා හිනාවකින් අවසන් කරන්න අමාරුයි...

" මම දැන දැනම තමයි කුක් ඒ වැරැද්ද කරේ .. මම දැනගෙන හිටියා කවදා හරි දවසක මේ කතාව මේ විදිහට ඉවර වෙයි කියලා ..

" ඉතින් ඔයා හිත හදා ගත්තද චිම් ??

" දවසින් දවස තමන්ගෙ පලතුරු ගස් දලු දාලා වැඩෙද්දි ගොවියගෙ බලාපොරොත්තු වැඩි වුනා මිසක් නැති වුනේ නෑ කුක් ..
ඔයාගේ ආදරේ ඇතුළෙ ඇස් පෙනුනත් මම අන්ද වුනා ...

" දන්නවද චිම් ඔයාට මම වරදක් කියන්නෙ නෑ .. මොකද මේ මොහොතෙත් මම ඔයාට කියාගන්න බැරි තරම් ආදරෙයි .. ඒත් මම අසරණයි චිම්...

" මට ඔයාව තේරුම් ගන්න පුළුවන් කුක් .. ඒච්චර හිතන්න එපා..බලන්නකො ... කවදා හරි දවසක ඔයාට ඔයාගේ ඒ ලස්සන සුරංගනාවිට මම මගෙ පණටික දෙනවා .. ගොඩක් සතුටින් ..ඔයා දුක් වෙන්න එපා චිම්ට එතකොට ගොඩක් සතුටුයි

" හම් .. මම දන්නවා මැණික .. මට සමා වෙන්න.. ඔයා වගේ කෙනෙක් ගෙ හිතක් රිදෙව්වට... මේ වැරැද්දට සමාව දෙන්න..
කුක් ජිමින්ගෙ ඉස්සරහින් දණ ගහගෙන ජිමින්ගෙ අත් දෙකෙන් අල්ලගෙන කිව්වා

Paris Love Where stories live. Discover now