chapter 06

38 13 4
                                    

Paris love 🥀❣️

          Chapter 06

"ඒයි ජන්කුකා...  හිටහන් කෝ... ජේ ජන්කුක් පස්සෙන් ම දුවගෙන ගිහින් ජන්කුක් දොර වහන්න කලින්ම කාමරේ ට රිංග ගත්තා...

" මොකද බං මේ ...උබට මම කතා කරනවා ඇහුනෙ නැද්ද.... නැත්තං උබ මාව ගණන් ගන්නෙ නැතුව ආවද....ආ... කියහන්....

ජේ තමන්ට පිටුපාලා ඉන්න ජන්කුක් දිහා බලාගෙන ඇහුවා....

" කතා කරහන් ...මොන මගුල ක්ද...ආ...ඇයි අපි මෙහෙ ආවේ... කවුද ටේ...ආ. .. මොනාද මෙහෙ වෙන්නෙ...

ජේ ඒක දිගට ජන්කුක්ගෙන් ඇහුවත් ජන්කුක් උත්තර දුන්නෙ නෑ...

" හරි උබේ කට ඇරෙන්නෙ නැත්තෙ මේ ගෙදර ඇතුලෙනේ...යමන්....අද මට උබ හැමදේම කියන්න ඕන....මේ අවුරුදු 4ට මොනාද වුනේ... හැමදේම කියන්න ඕන.... යමන්...

ජේ ජන්කුක්ව ඇදන් එලියට ආවත් ඒක පාරම ප්‍රධාන දොරෙන් mansion ඒක ඇතුලට ආව උස කඩවසම් විශාල සිරුරකින් යුතු ... ටිකක් දරුණු පෙනුමක් ඇති කෙනා දැකලා ජේ පඩිපෙලේ ම නතර වුනා...

සිනාවකින් ඉස්සරහට ගිය මිසිස් කිම් ඒ කෙනාව සාදරයෙන් පිළිගත්තා....

ඒත් එක්කම ඒ කෙනා බැලුවේ පඩිපෙලේ ඉදන් බයවෙලා තමන් දිහා බලාගෙන ඉන්න කොල්ලො දෙන්නා දිහා...

" ඕ ජොන් ජන්කුක් ... ඔය දරුවා ආවද....
ටිකකක් ගොරෝසු කටහඩින් ඒ කෙනා ඇහුවා....

ජේ ගෙ අත අතැරලා ඉස්සරහට ආව ජන්කුක් ...

කොහොමද මිස්ටර් කිම්... ජන්කුක් ඒ කෙනාව සුහදව වැළද ගත්තා...

" ඕ ... මම හොදින් දරුවෝ...
ජන්කුක්ට පිටට තට්ටුවක් දාලා කියපු ඒ කෙනා මිසිස් කිම් දිහා බැලුවා...

මේ ළමයිටත් එක්ක කෑම ලැස්ති කරන්න ..  එහෙනම් මම වොෂ් එකක් දාගෙන එන්නම් පුතා...එහෙම කියලා තමන්ගෙ කාමරේට මිස්ටර් කිම් ඇවිදන් ගියා...

බැලු බැල්මට කිසිම ලිහිල් ගතිගුණයක් පේන්න නැති ඒ කෙනා දැක්කහම ඕන කෙනෙක් බය වෙනවා ...
හරියට ජේටත් එකතැන විනාඩි ගාණකට ඇස් පිල්ලම් ගහන්න අමතක වෙන තරමට ම...

" දැන් කාමරේට යන්න අපිට මේ වෙලාවේ මේ දේවල් කතා කරන්න බෑ... එහෙම කියලා ඒවා කතා කරන්න එලියට යන්නත් බෑ...ඔක්කොම මම උබට හෙට කියන්නම් ....

Paris Love Onde histÃŗrias criam vida. Descubra agora