chapter 36

19 8 0
                                    

Paris love 🥀
chapter 36

ජන්කුක් ජේ සතියෙම exam ඉවර වුනාට පස්සේ ටිකක් නිවි හැනහිල්ලේ ඉන්න පාර්ක් එකට ආවා දැන් ජේගේ අප්ප වුනත් ඒච්චර සීරියස් සිටුවේශන් එකක නෑ කිව්ව නිසා ජන්කුක් ජේ ටිකක් කලබලකාරී වෙහෙසකර සතියට සමු දෙන්න හිතුවා ටිකක් වෙලා පාර්ක් එකේ ඉදලා දෙන්නම ජන්කුක්ගෙ එපාර්ට්මන්ට් එකට ගිහින් කලින්ම නිදා ගත්තා...

@ jk apartment
5:00 AM

ෆෝන් එකක් රින්ග් වෙනවා ඉවරයක් නැති නිසා ජන්කුක් එයා ජේට දුන්න එපාර්ට්මන්ට් එකේ අමතරව තිබුන එකම කාමරේ ගියේ මේ පාන්දර මොකාද කෝල් කරන්නෙ බලන්න ..
ජන්කුක් යද්දි ජේ ඔලුවෙ ඉදන් ඩූවට් එක පොරවන නිදි ජන්කුක් නයිට් ස්ටෑන්ඩ් එක උඩ තිබුන තාමත් රින්ග් වෙන ෆෝන් එක දිහා බැලුවා ..

My brother Jonathan Aron..

නම්බර් එකේ  කන්ටෑක් නේම් එක දැක්කහම ජන්කුක් ටිකක් පුදුම වුනා ඒ ජේගේ අයියා .
දෙපාරක් නොහිතා ජන්කුක් ෆෝන් එක අතට අරන් කෝල් එක ආන්සර් කරා ..

" Hello ...

"........

"ආ... මොකක්ද ... මේ ඇත්තමද ??..

".......

" හරි හරි මම ජේට මේක කියන්නම් ...
නෑ නෑ ඔයාලා බය වෙන්න එපා..
මම එයාට තේරුම් කරන්නම්...

"......

" හරි ඕකේ .. bye ..

කෝල් එකෙන් පස්සෙ ජන්කුක් හොද හුස්මක් අරන් කිචන් එකට ගියා ..
අතට අහුවුන මග් දෙකකට මිල්ක් කොෆි දෙකක් හදාන ආයේ ජේගේ කාමරේට ආව කුක් ජේට එහා පැත්තෙන් තිබුන පොඩි බන්කුව අරන් ඒකෙන් ඉද ගත්ත...

" ජේ ..  නැගිටහන්...

"ආ... ඉන්න දීහන් බං .. නිදි මතයි..

" ජේ උබට දෙයක් කියන්න තියේ නැග්ටහන්කො ...

" මොකක්ද ආ... කියහන් ඉක්මනට මට නිදා ගන්න...
ජේ නැගිටලා ඇදේ හෙඩ්බෝඩ් එකට හේත්තු වුනා..
ජේගේ අතට ජන්කුක් කොෆි එක දුන්නා...

" මොකද කුක්කා උබ අමුතු වෙලා ..උබට මාව ජිමින් වගේ පේනවද ??
ජේ ඇසුත් ලොකු කරන් ඇහුවෙ බය වෙලා ..

" විකාර කතා නොකර ඕක බීහන්...

ජේ ජන්කුක් දිහත් බලලා අතේ තිබුන කොෆි එකත් දිහා බලලා ඕන එකක් කියලා කොෆි එකේ උගුරක් බිව්වා ..

Paris Love Donde viven las historias. DescÃēbrelo ahora