chapter 49

23 10 4
                                    

Paris love 🥀🥀
Chapter 49

" ම් .. සැහැල්ලුයි .. හරිම නිදහස් සීයා පපා .. ඊට වඩා දෙයක් මට කියන්න තේරෙන්නෙ නෑ..

" ඔයා හරි ජන්කුක් පුතා .. සැහැල්ලුව නිදහස.. අපිට කාලයත් එක්ක හිමි වෙලා අපි විසින්ම අහිමි කර ගන්න එකම දේ තමයි ඔය ඔයා කියපු දේ පුතා ..

_⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠__⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠__⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠_

" සීයා පපා..

" බලන්නකො දරුවො ඉපදුන පොඩි එකෙක් දිහා .. ඒ ලමයා හරි සැහැල්ලුයි පුංචි දේකින් වුනත් හරිම ඉක්මනට සුතුටු වෙන්න පුළුවන්.. තමන්ගෙ ඔම්මා අප්පා ජීවිතේ කරගත් ඒ මිනිස්සු යටතෙ යැපෙන ..තමන්ට ආදරේ අයට ආදරේ දෙන තමන්ට ඕන දේ අඩලා හරි ඉල්ල ගන්න.. ලෝකේ කොච්චර ලොකු දෙවල් වුනත් තමන්ගෙ ජීවිතේ තමන්ගෙ ලෝකේ ඇතුළෙ හරිම ලස්සන විදිහට ජීවත් වෙන හරි අමුතු ජීවියෙක් පුතා පොඩි ළමයෙක් කියන්නෙ ..

" ඒක ඇත්ත සීයා පපා..

" අපි හැමෝටම ලමා කාලයක් තිබ්බා පුතා.. ඒත් ඒ සතුට දැන් අපි ගාව නෑ .. අපි ටික ටික ලොකු වෙද්දි අපිට ආපු වගකීම් බාධා ඒ වගේම අපි මනසින් පරිනත වෙන්න වෙන්න අපි මොකද කරේ පුතා ..අපේ ජීවිතේ අපේ පවුල මුලින්ම ඈත් කරා .. පස්සෙ සමාජෙ ඉන්න අය ලං කර ගත්තා.. ඒ මිනිස්සු බොරු කරනවා රවට්ටනවා කියලා දැන ගත්දී හැමෝටම වෛර කරන්න පටන් ගත්තා.. ජීවිතේ ඉස්සරහ යන්න අපි හේතු හෙව්වා ..අපිට ඕන වුනා ලස්සන හේතු ඉතින් අපි අපිටම කියලා හේතු හොයන් ඒවා වෙනුවෙන් නොමැරී මහන්සි වෙලා වැඩ කරා .. අන්තිමට අපිට මොනවද ඉතුරු වුනේ පුතා ..
බැම්මකින් වට වුන වත්තකුයි, ඒක ඇතුළෙ හදපු දිලිසෙන බිත්ති තියන ගෙදරකුයි , සල්ලි වලින් පිරුන එකවුන්ට් ගොඩකුයි , සද්දයක් බද්දයක් නැති මේ තනි හිස් ආත්මාර්ථකාමී ජීවිතයි විතරයි ...

" සීයා පපා...

" ඔයාට තේරේනවා නේද ජන්කුක්.. මම කිව්වෙ අමුතු දෙයක් නෙවේ මේ අවුරු හැටටම මං අත්විදපු දේවල් ජන්කුක් පුතා ..
මේවා මගෙ දරුවන්ට කියලා එයාලව මේවයෙන් ඈත් කරලා ඒ ළමයිට හොද ජීවිතයක් දෙන්න මට ඕන වුනා ..
ඒත් මගෙ අවාසනාවට මට මගෙ ලමයිව මග ඇරුන ..
සරුංගලේ නුලෙන් කැඩුනට පස්සෙ කොච්චර බලන් හිටියත් කැඩුන සරුංගලේ ආයේ තමන් ගාවට ආවේ නෑ.. මට මගෙ දරුවො වෙනස් කරන්න බැරි වුනා ..
ඒත් මට මගෙ මුනුපුරෝ වෙනස් කරන්න පුළුවන් වුනා ...
ටේහියුන් .. මගෙ බෙයාර් ..එයා ගොඩක් අහිංසක ආදරණීය ලමෙක්.. පොඩි කාලේ ඉදන්ම මාත් එක්ක හැදුන නිසා ..ඒ දරුවා හැමදේම හොදට තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ..
ඒත් එයාගේ ඔම්මා.. මගෙ දුව ..
එයා එහෙම නෑ ජන්කුක් පුතා කිම් යූරි කියන්නෙ අමුතු චරිතයක් ..
හිතා ගන්න බෑ මට මගෙ දරුවා ගැන..

Paris Love Where stories live. Discover now