chapter 34

19 8 0
                                    

Paris love 🥀🥀
Chapter 34

පුතා එයා බෝයි කෙනෙක් ද ?? ඔයා ආදරේ කරන්න කොල්ලෙක්ටද ?? ආ....

" ඔම්මා ...

____________   ✿    ____________

"කියන්න ජන්කුක් ඔයා ඔය සම්බන්දෙ පටන් අරන් දැන් කොච්චර කාලයක් වෙනවද? ආ..

" දැන් මාස අටකට වැඩී ඔම්මා .. ජුන් හියුන් මෙහෙ හිටිය කාලේ ඉදන්මයි ..

" ඒ කියන්නෙ අයියල මල්ලිලා අපි සල්ලි වියදම් කරලා ඉගෙන ගන්න කියලා ඇරියට කටිටයම කරලා තියෙන්නෙ වෙන වැඩනෙ ..

" ඔම්මා .. ඇයි මේ ..ඔයා කැමති නැද්ද ??

" මට  ඒක දැම්ම කියන්න බෑ පුතා ඔයාගේ අප්පා එක්ක මේ ගැන කතා කරන්න ඕන .. එතකන් මට මොකුත් කියන්න බෑ ..

" හම් .. ඒත් ඔම්මා ඔයාලට ප්‍රශ්නයක් තියෙන්නෙ එයා කොල්ලෙක් කියන එක නම් ඔම්මා මට විශ්වාසයි ඒ ගැන කවදාවත් පසු තැවෙන දෙයක් එයා කරන්නෙ නැති වෙයි කියලා .. ඔයාට ප්‍රශ්නෙ අපේ පවුලෙ අනාගතේ නම් ..ඒවට දැන් ඒක තරම් විද්‍යාවෙන් ක්‍රම හොයාගෙන තියේ ඔම්මා ..

" ඔයා හොද බුද්ධිමත් තරුණයෙක් ජන්කුක් .. මටයි අප්පටයි ඉන්න එකම වස්තුව ඔයා පුතේ .. ඔයාගෙ අනාගතේ තමයි අපිට වටින්නෙ .. ඔයා වැරදි තීරණයක් ගන්නෙ නෑ .. මේ ඔම්මා ඒක හොදටම දන්නවා .. ඔයාට දැන් ඔයාගේ ජීවිතේ ගැන තීරණය ගන්න පුළුවන් වයසෙ ඉන්නෙ .. ඒත් එහෙමයි කියලා ජන්කුක් ඔයා අද සතුට ගැන හිතලා  වැරදි තීරණයක් අරන් විනාස වෙනවා බලන්න අපිට බෑ ..

" මට තේරෙනවා ඔම්මා ..

" මුලින්ම අපි ඔයාව ඔහාට එව්ව හේතුව වෙනුවෙන් වැඩ කරන්න පුතා ..ඔයාට තව වන් වීක් තියෙන්නෙ ඔයාගේ ෆයිනල් එක්ඈම් එකට. .. ඔයා අවුරුදු 4 පවුලෙන් ඈත් වෙලා මහන්සි වුනේ ඕකට නේද ?? මගදී ආපු හේතු නිසා ඒක විනාශ කරගන්න එපා..

" නෑ ඔම්මා එහෙම වෙන්නෑ ..

" මම අප්පා එක්ක මේ ගැන කතා කරන්නම් .. හොදද .. මම හිතන්නෙ නෑ එයා අකමැති වෙයි කියලා .. මගෙනම් අකමැත්තක් නෑ..

" ඔම්මා ...

" ම් .. දැන් මගෙ කොල්ලට සතුටුයිද? මට ආසයි මගෙ බෑනා පොඩ්ඩ බලන්න එයා ඉන්නවද ?

Paris Love Where stories live. Discover now