Prologue 🪩

5.1K 402 69
                                    

Prologue




කෑලි කපන්න පුළුවන් අදුරක් තිබ්බ ඒ රාත්‍රියේ වේගයෙන් ඉදිරියට ඇදුනේ කලු පාට මොන්ටෙරෝ එකක්..

ක්‍රීස්ස්ස්ස්......

ඩ්‍රයිවර්ගෙ බ්‍රේක් සද්දෙට පැසෙන්ජර් සීට් එකේ ඉදගෙන කල්පනාවෙ හිටපු ඔහු බෙල්ල හරවලා බැලුවා.. ඒ ඇස් තිබ්බෙ රතු වෙලා.. ඩ්‍රින්ක් එකක් දාලා නම් නෙවේ තවමත් ඔහු හරි සිහියෙන් ඉන්නෙ...


" සොරි මාස්ටර් ! කලු පාට බළලෙක් පැන්නා..."

" දැන් උබ කියන්නෙ මගෙ ගමන අසුභයි කියලද? "


" කොහෙත්ම නෑ මාස්ටර්... කොහෙත්ම නෑ..."

පැසෙන්ජර් සීට් එකේ ඉදගෙන හිටපු ඔහුගෙ දෑස් වල තිබ්බ කේන්තිය නිසාම ඩ්‍ර්යිවර්ගෙ කටහඩ තරමක් වෙව්ලන සුලු වුනා... කටකොනින් හිනාවක් දුන්න ඔහු ඩෑෂ් බෝට් එක උඩ තිබ්බ සිගරට් පැක් එකෙන් සිගරට් එකක් දල්වාගත්තා..

" උන් මොකද කියන්නෙ ? සරුංගලේ අල්ලන්න පුළුවන් වෙලාද?"

" මිස්ටර් කයිට්ස්ට තව ටිකක් හිතලා බලන්න ඕනෙ කිව්වාලු මාස්ටර් "

" හ්ම්ම්... යමන්... සිහියෙන්... "

ඔහුගෙ නියෝගයෙන් නැවතත් ඒ මොන්ටෙරෝ රථය ඉදිරියට ඇදෙන්න ගත්තා.. ඒ සිගරට් එක අවසානෙ දක්වා දැල්විලා යනකන්ම ඔහු කල්පනා කලේ එක් පුද්ගලයෙක් ගැන විතරයි... ඒ කයිට්ස්.. ඔහුට අනුව නම් සරුංගලේ....




මාෆියා ලීඩර් ආර්‍යන්  - වයස අවුරුදු 32

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මාෆියා ලීඩර් ආර්යන්  - වයස අවුරුදු 32





ඔවුන් වේගයෙන් ගමන් ගත් වාහනය වරායට ඇතුල් වෙද්දි ඔහු දුටුවේ ඈත තියාම කලබලයක්.. ඩ්‍රයිවර්ගෙ මූණෙනුත් ඒ ගැන හොදක් දැක්කෙ නැති වෙද්දි ඔහුගෙ අත ගියෙ ඉනේ තිබ්බ පිස්ටල් එකට...

 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Where stories live. Discover now