Episode 29 🪁

715 196 55
                                    

Episode 29


මීටින් එක ඉවර කරලා මං ආයෙමත් හොටෙල් එකට එද්දි රෑ අට පහුවෙලා තිබ්බා.. ලියෝන්ට ඒ අතරතුර මං කෝල් කරේ නෑ.. එයා නිදි නම් එයාගෙ නින්ද කැඩෙනවා.. අනික එයා මාත් එක්ක ඉන්නෙ අවුලෙන් වගේ නිසා කොහොමත් මං දැන් කෝල් කරාට එයා ආන්සර් කරන එකක් නෑ කියලා නිකමට හිතුනා..


මං අපේ රූම් එකේ දොර ඇරගෙන එද්දි කෙලින්ම පේන ඇදේ එයා නිදාගෙන හිටියේ නෑ.. බාත්රූම් එකේ කියලා හිතුවත් වතුර වැටෙන සද්දයක් නැති නිසා මං කකුල හැරෙව්වා විතරයි බැල්කනියේ කර්ටන් එකට එහාපැත්තේ ඡායාවක් වගේ දැක්ක නිසා මං එහෙමම නැවතුනා...


" මට තවත් මේක කරන්න බෑ.. කියන දේ තේරුම්ගන්න.."

ලියෝන් කෝල් එකක..

" කී වතාවක් කිව්වද දැන් මං ? එහෙම දෙයක් හින්දා නෙවේ එයාගෙ වැරැද්දක් නෑ කියලා හිතෙනවා.. ඒකයි හේතුව.. "


අනුන්ගෙ කතා අහගෙන ඉන්න එක කැත පුරුද්දක් තමා.. ඒත් මේ මගෙ බෝයිෆ්‍රෙන්ඩ් නෙහ්.. අනික ලියෝන්ගෙ කටහඩත් අමුතුයි.. කේන්තියත් එක්ක නිකන් කලකිරීමක් වගේ තිබ්බා.. ඒ නිසාම මට උනන්දුවක් ආවා එයා කතා කරන දේ දැනගන්න..


" ඉට් වෝස් ඇන් ඇක්සිඩන්ට් !! එහෙම වුනත් එයා නෙවෙයි ඒක කෙරෙව්වේ !! තේරුම්ගන්න.. මට හුගක් මහන්සියි මෙහෙම ඉදලා.. "


ලියෝන් මොකක් ගැනද කියන්නෙ කියලා මං දන්නේ නම් නෑ.. හැබැයි එයා ලයින් එකේ එහාපැත්තේ හිටපු කෙනාට කෑගැහුවා.. රූම් එකේ දොරත් ඇරගෙන මං ඇතුලට ආවා කියලා වත් නොතේරෙන්න තරම් එයා ඉදලා තියෙන්නෙ මේ ලෝකේ නෙවෙයි වගේ.. මොකක්ද ඇත්තටම මෙයාට මේ තියන ප්‍රශ්නය..


" හරි මං ආදරේ කරා තමයි කැම්පස් එකේදි.. ඒත් ඔයා හිතනවා වගේ දෙයක් දැන් නෑ.. මං මේක කරන්නේ ඔයාගෙ වදේ නිසා !! "


ලියෝන් කාටද ආදරේ කරා කියන්නෙ ? ඒකත් කැම්පස් යන කාලේ.. ඒත් එයා මට කිව්වානෙහ් එයාට මීට කලින් ලව් කරන්නවත් සෙක්ස් කරන්නවත් මොන පාට්නර් කෙනෙක් වත් හිටියේ නෑ කියලා.. එතකොට මේ කියන්නෙ මොකක්ද?


 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα