Episode 7 🪁

1K 263 58
                                    

Episode 7



විනෝද වෙන්න වයසක් ඕනෙ නෑ කියලා හිතුවෙ හවස පොඩි උන් එක්ක එකතු වෙලා ඇලේ පැනලා නටපු එකෙන්.. කවදාවත් නැතුව මගෙ හිතට අමුතු සතුටක් දැනෙද්දි මමත් අවුරුදු අට නවයක බටු ඇටයක් වගේ උන් එක්ක ඇති පදම් විනෝද වුනා...

" පෝඩා.... වතුර ගහන්න එපා යකෝ... "

" අඩේ පාවී.... බලහන් මාව නෑවිලා... පොන්නයා.."


සරුංගල් යවලා ඉවර වෙලා මහන්සි වෙලා ඉද්දි පිරිසිදුවට තිබ්බ ඇල මඩ කනයි වගේ මඩ කරන ගමන් අර කොල්ලො කුරුට්ටො ටික ඇලට පැනලා වතුර ගහගන්න පටන්ගත්තා.. උන්ගෙ කටවල් වල සවුදම වයසටත් වඩා.. මං හැදුවෙ එතනින් එන්න වෙද්දි ඉස්සර වෙලා යන්න හදපු මගෙ මැණික්කටුවෙන් එයා ඇල්ලුවා...


" අපිත් යමුද... ආර්යන් ඔයා මේ වගේ ජීවිතයක් විදලා නැතුව ඇතිනෙහ්... "


එයා ඇස් දෙකත් පුංචි කරන් හුරතල් විදිහට මගෙන් අහද්දි මට බෑ කියන්න ඕන වුනත් බෑ කියාගන්න බැරි වුනා.. ලියෝන්ගෙ ඇස් වල තිබ්බෙ අමුතු සතුටක්.. හරියට නිකන් එයාටත් පොඩි කාලේ මතක් වෙලා මුන් එක්ක වතුරෙ ඩාන්ස් දාන්න හිතිලා වගේ.. මං හිමින් ඔලුව හොලවද්දි එයා මගෙ අතත් අතෑරලා ගිහින් ඇලට දොග් ගාලා පැන්නා.. හිපකොටේමස් කෙනෙක් වගේ.. තඩියා...

" උස අණ්නා... ඔයත් එන්නකෝ...... "


මඩ නාගත්ත ඌරු පැටව් වගේ සරුංගල් යවපු පොඩි උන් ටික මටත් කෑගහද්දි ජනනි කටත් ඇද කරන් ඇල දිහා බලාගෙන ඉන්නවා පෙනෙද්දි ඒකිට රිදෙන්නම මං ඇලට බැස්සා.. මගෙ දනක් වෙනකන් වතුර තිබ්බ ඇල දිගේ එයා හිටපු දිහාට ඇවිදන් යද්දි පොඩි උන් මටත් කෑගගහා වතුර ගහන්න පටන් ගත්තත් මං මුකුත් කිව්වේ නෑ.. උන්ගෙ ආතල් එක කන්න බෑනෙහ්.. අරුණාචලම් අන්කල්ගෙ ගෙදර ගියහම හොදට නාගන්න බැරියෑ... ඒත්...


" ඒයි ඒයි... උබලා මොකද ආර්යන් අයියට ඔය කරන්නේ.. සරුංගල් යවන්න විතරයි නේද ආවේ... චී ! පෝඩා "


ජනනි මහා සද්දෙන් බෙරිහන් දෙද්දි කොල්ලො ටික නම් ගනන් ගත්තේ නෑ.. ජනනිගේ දිහාවටත් උන් අත් වල වතුර පුරවන් ගහද්දි ඒකි නියර දිගේ එහාට දිව්වා තවත් මොනවද කිය කියා බනින ගමන්.. හිනාවත් තද කරන් මං එයා ගාවට කිට්ටු වෙද්දි මේකා වතුරට නැවිලා දෝත පාලා මොනවදෝ කරනවා...


 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Where stories live. Discover now