Episode 26 🪁

662 198 77
                                    

Episode 26


ඒකි මොනාලිසා.. මං ලියනාඩෝ ඩාවින්චි..

ඒ වගේ තමයි දැන් මෙතන සිද්ධිය.. ඉන්ජිනියර් ෆැකල්ටියේ ෆයිනල් ඉයර් එකේ උන් ඔක්කොම දන්නවද කොහෙද මේ මොනාලිසාගෙ ෆියන්සෙ ගැන.. මට නම් ඉහේ ඉදන්ම දාඩිය දාලා හිටියේ මෙතන වෙන නරි නාටකත් එක්ක...


ඒ අස්සෙ මේකි මේ උඩටත් නැති පහලටත් නැති කොට කෑලි ඇදන් ඇවිල්ලා මගෙ හැගීම් ඇවිස්සුවා නෙවේ මගෙ ඇස් නිලංකාර කරලා තියෙන්නෙ.. ඇයි යකෝ කවුද හිතුවේ ගමේ අර වගේ පාඩුවෙ අහිංසක විදිහට ඉන්න එකියක් කැම්පස් එකේ ඉන්නේ මේ වගේ කියලා.. ඕක තමයි කියන්නෙ ගෑණු කියන උන් තේරුම්ගන්නම බෑ කියලා..


පිරිමි කියන්නෙ නම් එහෙම උන් නෙවේ.. උන් කැම්පස් හිටියත්.. ගමේ හිටියත්.. මොන ලෝකේ හිටියත් එක එක විදිහට හැසිරෙන් නෑනෙහ්.. ආතල් එකක් ගන්න නම් උන්ට ඔය කොහෙ වුනත් වැඩක් නෑ.. සරමක් ඇන්දත් කොට කලිසමක් ඇන්දත් ඒ හැමතැනටම අදිනවා මිසක් මේ ගෑණු වගේ බොරු සෝබන නෑ...මුන්ගෙ ඉහේ ඉදන් තියෙන්නෙ සෝබනෙයි බොරුවයි විතරයි..


" එහෙනම් ආර්යන් අයියා.. අපි එළියට යනවා නේහ්... "

" ඔව් ගිහින් ලෑස්ති වෙලා එන්න.. "


මෙතන තවත් විහිලුවක් වෙන්න බැරි නිසා මං ජනනිට කිව්වා කැම්පස් එකෙන් එලියට යමු කියලා.. නැත්තං මේ කෙල්ලන්ගෙන් විසුමක් වෙන්නෑ මලක් වගේ ඉන්න මට.. මට ඉන්න කියලා ජනනි කොට කෑල්ලත් ගහගෙන උඩ පැන පැන කාමරේට දිව්වා.. මං පුටුවට කඩාගෙන වැටුනා..


" ස්... ස්... "


ඇස් පියන් හිටපු මට ඇහුනේ සර්පයෙක්ගෙ සද්දයක් වෙද්දි මං ඉක්මනට ඇස් ඇරලා බැලුවා.. සර්පයෝ නෙවේ හැපින්නියෝ හතර දෙනෙක් මගෙ ඉස්සරහා හිටගෙන ඉන්නවා ජනනි වගේම බාගෙට ඇදගෙන.. මට දැනුනේ මාර අපහසුවක්.. මුන්ට මොනවා වෙලාද මේ මගෙ ඉස්සරහා ඇඹරෙන්නේ.. මං සාමාන්‍ය විදිහට හැසිරෙන්න උත්සහ කරා..


" ඉතින් ආර්යන් අයියා දැන් මේ... ඔයාලා කොහෙද යන්නේ ?"


 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Where stories live. Discover now