Episode 4 🪁

1.3K 273 91
                                    

Episode 4



මගේ හිත තිබ්බෙ කොහෙදෝ දුර ගිහින්.. මං සැපපහසුවට වාහනේ වාඩිවෙලා හිටියත් මට හිතෙන්නෙ මගෙ හිතත් එයා අරන් ගිහින් වගේ.. තිරුපති කෝවිල ලගින් ආව වෙලාවෙ ඉදන් මේ වෙනකන්ම මගෙ ඔලුවට එයාව එන එක නම් මට නවත්තගන්න බැරි වුනා..

අර්ජුනයා මොන මොනවාදෝ කියෝනවා ඇහෙනවා පැසෙන්ජර් සීට් එකේ ඉදන් ඉන්න ගාඩ් එක්ක.. ඒත් වෙනදා වගේ මගෙ තියුණු කන් ඒ පැත්තට හැරුනේ නෑ.. ඒ වෙනුවට වාහනේ හීන් හඩට දාලා තිබ්බ ටැමිල් සිංදුවට මං ඇහුන්කන් දුන්නා.. පූක්කලේ... මං ආසම එකක්..




ඇස් පියන් ඉන්න මට දැන් ඒ සිංදුවෙ විෂුවල් එකත් එක්ක මැවෙන්නෙ හැන්ඩ්සම් වික්‍රම්වයි සෙක්සි ශංකර්වයි නම් නෙවේ මාවයි ලියෝන්වයි.. එයයි මායි ඒ ලස්සන චූටි චූටි සුදු පාට මල් ගොමුවෙ අත් අල්ලන් දුවනවා... මං මේ හිතන ඒවා අර්ජුනයා දන්නවා නම් ඕකා මෙතන උඩ පැන පැන හිනාවෙන්නෙ.. පොල් බූරුවා..

බ්‍රා..ස්ස්ස්....

" මොන මගු...ලක්...ද ?"


සිංදුවට මනසින් විෂුවල් එකක් දාන ගමන් හිටපු මගෙ මූණ ඉස්සරහා සීට් එකේ හැප්පුනේ ඩ්‍රයිවරයා කඩි කුලප්පුව හැදිලා වගේ ගහපු බ්‍රේක් පාර නිසා.. ඒකා මුකුත් කියන්න කලින්ම නළලත් පිරිමැද ගන්න ගමන් වින්ඩ්ස්ක්‍රීන් එක දිහා මං එබිකම් කරලා බැලුවා...


මී හරක්... රංචුවක් පාර පනිනවා.. අයිතිකාර මිනිහා සරම කැසපට ගහගෙන ඉස්සරහින් යද්දි මී හරක් පට්ටියක්ම උගෙ පස්සෙන් යනවා.. ඌ තමා මෙතන ඉන්න ලොකුම මීහරකා.. ඇයි යකෝ වේගයෙන් වාහන එනවා ගානක් වත් නෑ.. අපේ වාහනේ බ්‍රේක් හොදටම හොද නිසා හොදයි.. ඒත් කරුමෙට හරි හදිස්සියේ බ්‍රේක් වැඩ නොකරන එකෙක් ආවොත් මේ සත්තුත් පව්.. මං කටින් මුකුත් නොකියා හිතින් බැන බැන ඉද්දි අර්ජුනයා මීහරක්ට හුටු හුටු ගගා බනිනවා ඇහුවා...


 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Where stories live. Discover now