Episode 24 🪁

792 210 62
                                    

Episode 24


මේ හැගීම හරි වෙනස්.. වෙනදට එයත් එක්ක මෙහෙම ඇදේ තුරුල් වෙලා හිටියත් අද දැනෙන හැගීම ඊටත් වඩා වෙනස්.. මට තනියම මතක් වෙද්දිත් මූණට හිනාවක් ගේනවා වගේ.. මිනිස්සු මේකට වෙන්න ඇති ආදරේ කියන්නෙ.. මිනිස්සු මේකට වෙන්න ඇති තමන්ගෙ කෙනා ලගදි සැනසෙනවා කියන්නෙ..


පැය බාගෙකට කලින් එයා හිටියේ මගෙ පපුව අස්සෙ ඔලුව ගහගෙන හොදට හුස්ම ගන්න ගමන් වෙද්දි නින්දෙන් බාගෙට ඇහැරුන එයා මගෙ බෙල්ලෙන් ඇදලා අරන් මාව එයාගෙ අස්සට ගහගත්තා.. මට නින්ද අහලකවත් නෑ.. මං එයා කරන මේ හැමදේ දිහාම හිනාවෙවී බලාගෙන ඉන්නවා ඉතින්..


මට ලියෝන් එක්ක කේන්ති යන්නේ නෑ.. මං හරි ආසයි එයා හැසිරෙන විදිහට.. අපි කොල්ලෝ විදිහට මං ආසයි එයා යාලුවෙක් වගේ මාත් එක්ක ඉද්දි.. ප්‍රශ්නයක් වුනහම කතා කරන.. හිත හදන.. දුක හිතුනහම තුරුල් කරන් ඔලුව අතගාන.. කම්මුලට හාදු තියන.. ඇද උඩ වෙලිලා ඉද්දි මාරුවෙන් මාරුවට සෙල්ලම් දාන.. මේ හැමදේම ඇතුලේ තිබ්බේ හරි ලස්සනක් මට නම්.. සමහර අයට අපේ කතාව වෙනස් ඇති.. ඒත් ඒ වෙනසට පිස්සුවෙන් ආදරේ කරන පිස්සෙක් තමයි ආර්යන් අග්‍රවාල් කියන්නෙ...


" ම්ම්හ්... "


" එක විදිහකට ඉන්නවා ලියෝන්.. තෝ දැන් මට කීවෙනි පාරටද මේ පයින් ගැහුවෙ... "


එයාගෙ ගුණ වයලා කට ගන්න හම්බුන් නෑ මගෙ සායම හේදුවා මූ.. මගෙ බෙල්ලෙන් තද කරලා අල්ලන් ඒකාගෙ පපුව අස්සෙන් ඔබාගෙන ඉන්න ගමන් මගෙ කකුලට පයින් පාරක් දුන්නා රිදෙන්න.. නින්දෙන් තමා.. ඒත් මූ ඇහැරිලා හොරට ඉන්නවද දන්නෙත් නෑ.. එතකොට නිදි වගේ මට ප්‍රහාර එල්ල කරන්න පුළුවන් නෙහ්...

Ring... Ring....

ඩ්‍රෙසින් ටේබල් එක උඩ තිබ්බ ලියෝන්ගේ පෝන් එක වදින්න ගත්තා.. ඒක ටිකක් සද්දෙන් වැදුනේ සැම්සුන්ග් මියුසික් එක.. හදිස්සි කෝල් එකක් ද දන්නෙ නැති නිසා මට හිතුනා ලියෝන්ව අවදි කලොත්  හොදයි කියලා..


 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Where stories live. Discover now