Episode 34 🪁

671 198 55
                                    

Episode 34


සතියක කාලයක් ගෙවිලා ගියෙ මාව අන්කල් කෙනෙක් කරන ගමන්.. අක්කාගෙ දුව දිහා මං බලාගෙන හිටියේ මගෙ හිතේ දෝරේගලන අමුතුම හැගීමත් එක්ක.. එයා හරීම පුංචියි.. අතපය රෝස පාටයි.. ඇස් ඇරලා බලන්නේ යාන්තමට.. හරියට මී පැටියෙක් වගේ.. ආදරේ හිතෙනවා.. අපේ ඒන්ජල් හරියට එයාගෙ අම්මා වගේමයි....


සතියක් ඇතුලත ගොඩක් දේවල් වෙනස් වෙලා.. ලියෝන් මගෙත් එක්ක මේ ටිකේම හිටියේ බාප්පාගෙ ගෙදර.. අපි දෙන්නාට දරුවව දැක්ක වෙලේ ඉදන් සිහිවිකල් වෙලා වගේ.. හරියට අම්මා හොස්පිට්ල්‍ එකේ ඉදන් ගෙදර අරන් ආව නංගිව බලාගන්න තරග කරන වැඩිමල් අයියලා දෙන්නෙක් වගේ අපි දෙන්නා. පුංචි එහෙම කම්මුලේ අත ගහන් බලාගෙන හිටියේ..


" එයාව උස්සලා වඩාගන්න බැහැ ආර්යන් තාම.. ලියෝන් කරපු විදිහ හරි.. හරහට අරන් තුරුල් කරගන්න.. "


නේහා අග්‍රවාල් ගන්නෙම එයාගෙ අලුත් මස්සිනාගෙ පැත්තමයි.. ගෙදර හිටපු පොඩි මල්ලි ලෙෆ්ට් මේ වෙද්දි.. ඒත් කාලෙකට පස්සෙ මං මගෙ සරුංගලේගෙ මූණෙ හිනාවක් දැක්කා. තාත්තෙක් නැති අහිංසක දරුවව මුලින්ම අතට ගත්තේ ලියෝන්.. ඒ නිසාමද මන්දා ලියෝන් දුවව වඩාගන්නකොට මේ කෙල්ල සිරික්කියක් දානවා..


පුදුමයි අක්කා එහෙම කරා කිව්වහම.. ලේබර් රූම් එකට අක්කාව අරගෙන ගිය විදිහට පුංචි හොදටම ඇඩුවා බයවෙලා. ඒත් අක්කාට අමාරුවක් නොවී දුවව ලැබිලා තිබ්බා.. නෝමල් රූම් දැම්මට පස්සෙ අක්කා පුංචිටවත් බාප්පටවත් නෙවේ මුලින්ම කතා කලේ ලියෝන්ට.. ඒ විදිහටයි මගෙ සරුංගලේ මුලින්ම දුවව අතට ගත්තේ..


" අක්කාට අමාරු වුනහම මං එයාව අත්දෙකට උස්සගත්ත හන්දා එයාට ඕන වුනාලු දුවවත් මුලින්ම මගෙ අතට දෙන්න.."


මගෙ කාමරේ මගෙ ඇදේ එයා මට තුරුල් වෙලා ඉන්න ගමන් කියෙව්වා. දැන් ඉතින් හොරාට කාමර මාරු කරන්න ඕනෙ නෑ. බාප්පාගෙ පර්මිෂන් එක ලැබුන නිසා ලියෝන් කෙලින්ම ආවේ මගෙ කාමරේට වෙනදා වගේ නොවී.. ඒත් මට ප්‍රශ්නයක් තියනවා..


බාප්පා ඇයි අරුණාචලම් අන්කල් ඉන්න තාක් කල් ජනනිව කසාද බදින්න ඕනෙමයි කියලා වදයක් දීලා එයා පිටත් වුනාට පස්සෙ සරල විදිහට මේක විසදගන්න කැමති වුනේ.. සාමාන්‍යයෙන් මේක බාප්පාගෙ විදිහ නෙවෙයි. එපා කිව්වොත් එපාම තමා. ඒත් පුංචිගෙ වචන නිසා කැමැත්ත දුන්නා කියලා වුනත් මගෙ හිත පිලිගන්නෙම නෑ. ඇයි ලියෝන්ට එයාගෙ ජොබ් එක අතාරින්න කිව්වෙ ? ඇයි ලියෝන්ට මගෙ බොඩිගාඩ් වෙන්න කිව්වේ ?


 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Donde viven las historias. Descúbrelo ahora