Episode 35 🪁

651 204 80
                                    

Episode 35


දවස් ගෙවිලා ගියා.. ලියෝන් මං යන හැමතැනම මගෙ පස්සෙන්ම එනවා. ඒක එක අතකින් සහනයක් වුනා. මොකද බාප්පා මොනවාහරි ප්ලෑන් කරනවා කියලා මගෙ හිත තදින් කියද්දිම මං හුගක් කල්පනාකාරී වුනා.


මගෙ ඉනේ කොයි වෙලාවෙත් පිස්ටල් එක තියනවා. ඒත් මගෙ බොඩිගාඩ්ට පිස්ටල් එකක් නෑ. මේ ලෝකේ එකම බොඩිගාඩ් ලියෝන් වෙන්න ඇති බොස්ට අවධානමක් තියනවා කියලා දැන දැනත් පිස්ටල් එකක් නැතුව එහෙමෙහෙ යන. ඒකට අකමැතිම වුනේ මම.. මං ආදරේ කරන කෙනාගෙ අතට පිස්ටල් එකක් ඕනෙ නෑ.. එයාට නොඇගුවට ඒක මට වේදනාවක් වගේ.


" මං ඔයාව ආරක්ෂා කරනවා කයිට්ස් !! මං ඒක කරනවා "

" ඒත් මම නෙහ් ඔයාගෙ බොඩිගාඩ් !! මම නෙවෙයි ද ඔයාව ආරක්ෂා කරන්න ඕනෙ ? "


හැමදාම වගේ එයා මගෙත් එක්ක ඒ ගැන තර්ක කරනවා. මං බොස් -එයා බොඩිගාඩ් / මං ටොප් - එයා බොටම් ! ඇත්තටම එහෙම භේදයක් ඕනෙද ආදරේ කරන්න පරිස්සම් කරන්න ? සමහර වෙලාවට මාව මානසිකව වැටෙද්දි මගෙ හිත හදලා මගෙ ලග ඉන්නේ.. මාව තුරුල් කරගන්නෙ.. මාව ඉබින්නෙ එයා. එයාට දුකක් දැනුනහම ඕනාවට වඩා කේන්ති ආවහම මමත් එහෙමයි.. අපිට ඉන්නේ අපි විතරක් නිසා අපි අපිව සනසවගන්නවා.


ඉතින් කාටවත් කියන්න බෑ ඔයාලා කොල්ලෝ.. මොන විකාර වැඩක්ද ඔය කරන්නේ.. කෙල්ලෙක් නැතුව පැවැත්මක් තියේද කියලා ! මං හිතන්නේ අපේ රිලේෂන්ශිප් එක තරම් අපිට වෙන කාවවත් ගැලපෙන එකක් නෑ. වෙන කාටවත් අපි ජීවත් වෙනවා වගේ ජීවත් වෙන්නත් බෑ අපි එක්කම.. කාලය ගෙවිලා යද්දි අපේ මේ අමුතු බැදීමට එහෙම් පිටින්ම නමක් දුන්නා 'True Love' කියලා..


" ශ්වේතා ව බලන්න යනවද බබෝ.. මං අර්ජුන් එක්ක වැඩකට ගිහින් එන්නම් "

" ඔයා එක්ක මං එන්න ඕන නැද්ද ඉතින් ? "

" බාප්පා නෑ මුම්බායි ගිහින්.. අක්කා මට කිව්වේ.. මං ඔයාව ඩ්‍රොප් කරන්නම්.. ගිහින් අර්ජුන්ටත් එන්න කියාගෙන ඇතුලට යන්න.. "



ලියෝන්ගේ මූණේ කටකොනින් හිනාවක් නැගුනා. දැට්ස් මයි බෝයි !! හොර වැඩක් නම් එයයි මමයි එක පැත්තේ.. එහෙමනෙහ් ඉතින් වෙන්න ඕනෙ.. මගෙ කම්මුලට හාද්දකුත් චොක් ගාලා තියලා ගේට්ටුවෙන් ඇතුලට ගියා එයා. අද කාර් එක අරන් ආවේ මම උදේ.. අර්ජුන්ට එන්න එපා කිව්වා. බලන්න ඉතින් බොස් ඩ්‍රයිව් කරනවා බොඩිගාඩ් චිප්ස් කකා පැසෙන්ජර් සීට් එකේ වාඩිවෙලා ආවා.. මේවා තමා ෆකින් රිලේෂන්ශිප්..


 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Where stories live. Discover now