Episode 32 🪁

732 206 66
                                    

Episode 32


කාලය දවසින් දවස ගත වෙලා ගියෙ මම මගේ අම්මා තාත්තට සාධාරණ ඉෂ්ට කරන්න හුගක් මහන්සි වෙද්දි.. ලියෝන් එයාගෙ බාරගත්ත නඩු ඉවර කරනවා එයාගෙ ඔෆිස් එකේ අය එක්ක එකතු වෙලා.. එයාට වැඩ වැඩි නිසාම මං මගෙ දේවල් වලට තනියම මහන්සි වුනා..


මං දිල්ලි වල භූ විද්‍යා ඒකකයට කෝල් කරහම මට ඇවිත් මුණගැහෙන්න කිව්වා කෝල් එකෙන් විස්තර දෙන්න බෑ කියලා.. ඉතින් කොහොම හරි එදා මුම්බායි ගිහින් ඇවිත් මාසයක් වගේ ගෙවිලා ගිහින් තියෙන්න ඇති.. ලියෝන් ඔෆිස් ගිය නිසා මං ටිකට් එකක් දාලා දිල්ලි යන්න පිටත් වුනා..


ගියාටත් පාඩුයි ෆ්ලයිට් එකේ.. ඉන්ධර් ධවාන් කියන කෙනා මීට අවුරුදු දහයකට කලින් ජොබ් එකෙන් අයින් වෙලා මෙක්සිකෝ ගිහින්.. එතකොටයි මතක් වුනේ මීනාගෙ අප්පා කිව්වා කියලා අන්කල් ඉන්ධර් කසාද බැදපු කෙනා මෙක්සිකෝ ජාතික ගෑණු කෙනෙක් කියලා..


මං ආපහු බැංගලෝර් එන්න එයාර්පෝර්ට් ආවේ කිසි දෙයක් හොයාගන්න බැරුව මාර අසරණ කමකින්.. අවුරුදු දහයකට කලින් වැඩ කරපු කිහිප දෙනයි හිටියේ ඒ ඔෆිස් එකේ.. ඒ අයත් අන්කල් ඉන්ධර් එක්ක ලොකුවට එකතුවක් තිබ්බේ නෑ කියලයි කතාවෙන් මට තේරුනේ..


" හෙලෝ ලියෝන්.. "

ෆ්ලයිට් එකට පැය බාගයක් තියෙද්දි මං එයාර්පෝර්ට් එක ඇතුලට ආවා. ඒ එක්කමයි මට ලියෝන්ගෙන් කෝල් එකක් ආවේ.. එයාගෙ කටහඩේ කලබලයක් තැවරිලා තියෙද්දි මං තවත් කලබල වුනා..

" ලියෝන් !! ලියෝන් කතා කරන්න.. මොකද වුනේ ලියෝන්.. "

" ආ.. ආර්යන්.. මං දැන් ඇනෙක්ස් එකට ආවා.. අනේ.. මේ... "


එයා මට කතා කරනවට වඩා මොනවාහරි ඇනෙක්ස් එක ඇතුලේ කරනවා ඇහුනා.. හරියට මොනවාහරි හොයනවා වගේ.. එක එක සද්ද බද්ද වලින් මට තේරුනා එහෙම..

" ලියෝන් !!  කතා කරනවා.. "

" ආර්යන් කවුරුහරි ඇනෙක්ස් එකට ඇවිත් !! සේරම ඇදලා දාලානෙහ්.. ඔයා හැඩි කරේ නෑ නේද අනේ.. "

" පිස්සු ද මනුස්සයෝ !! මං ඔයාට කලින් නෙවේද ඔහෙන් ආවේ.. මතක නැද්ද ? "


 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Opowieści tętniące życiem. Odkryj je teraz