Episode 44 🪁

928 223 96
                                    

Episode 44



අන්තිමට එයා කිව්ව දේ එයා කරලා පෙන්නුවා මට.. මට හොයාගන්න බැරි වුන අම්මා තාත්තගෙ මරණය ගැන ඇත්ත අවුරුදු විසි ගානකට පස්සෙ මගෙ ඉස්සරහා ඇස් විවර කරලා දුන්නා..


වික්‍රම් අග්‍රවාල් ගැන බාප්පා අන්තිමට පාපෝච්චාරණය කරේ තවත් එයාට හංගන් ඉන්න ඉතුරුවෙලා දෙයක් තිබ්බේ නැති නිසා වෙන්නැති.. මොකද එයාට තනියම හිරගෙදරට යන්න ඕන වුනේ නෑ.. මේ හැමදේටම උදව් කරපු එකාවත් ඇදගෙනම යන්නයි එයාට ඕන වුනේ..


" වික්‍රම් අග්‍රවාල්.. මගෙ වැඩිමල් සහෝදරයා.. අවුරුදු විසි ගානකට කලින් එයත් ඉන්ධර් ධවාන් එක්ක අප්‍රිකාවේ ගියා එයා වැඩ කරපු ෆීල්ඩ් එකෙන්.. ඉතින් වික්‍රම් මිලදී ගත්ත ඉඩමක රත්තරන් ආකරයක් තිබිලා එයා ආයෙ ආවේ ලොකු සල්ලියකුත් එක්ක.. ඒ කාලේ හැටියට ඒක හුගක් ලොකු ගානක්.. ඉතින් මං හිටියේ බැංගලෝර්.. මගෙ අයියා මටත් සල්ලි දුන්නා මගෙ ගෙදර හදාගන්න.. මං නිතරම චෙන්නායි ආවා ගියා ඒ නිසා..


මගෙ චෙන්නායි වල හොද මිත්‍රයෙක් හිටියා.. නෑ හරියටම කිව්වොත් මේ තාක් මං හිතාගෙන හිටියා හොද මිත්‍රයෙක් කියලා.. අරුණාචලම් එක්ක මං අයියාගෙ සල්ලි ගැන කීව එක තමයි එදා කරපු ලොකුම මෝඩකම.. ඉතින් නොහිතපු විදිහට තරුණ වයසෙ හිටපු අරුණාචලම් ගමේ යාලුවො එක්ක එකතු වෙලා අයියාගෙ ගෙදර බිදින්න ඇවිත් තිබ්බා. ඒ වෙලාවෙ අයියගෙ පුතාලා දෙන්නා ගෙදර ඉදලා නෑ කෝවිල් ගිහින්.. ඉතින් අන්තිමට හොරකම දුරගිහින් බහින්බස් වෙලා මිනීමැරුමක් වුනා..."

" බොරු කියන්න එපා කුමරන් !! උබමයි උබේ අයියව මැරුවෙ !! මං එද්දිත් උබ අයියාට මන්නෙන් කොටලා තිබ්බා.. උබට ඕනෙ මාවත් මේවාට අල්ලන්නද පරයෝ !! "


උසාවිය කියලා බලන්නේ නැතුව එයාලා රණ්ඩු වෙද්දි ඒ ප්‍රශ්නය දුරදිග ගිහින් බාප්පා කෝලහාල කරලා අරුණාචලම්ගෙ බෙල්ල මිරිකන්න පැනගෙන ආව නිසා බාප්පාව මාංචු දාලා අරගෙන ගියා.. මේ හැමදේම දිහා බලාගෙන මං කිසි හැගීමක් නැතුව බලාගෙන හිටියා..


අයියා හොදටම අඩනවා.. එදා අපි බේරුනේ මීනලා එක්ක කෝවිල් ගිය නිසා විතරයි.. නැත්තං අම්මයි තාත්තායි එක්ක අයියවයි මාවත් කෑලි කරලා මරන්න තිබ්බා.. ඉතින් මං දන්නෑ ඇත්තටම මගෙ අම්මාවයි තාත්තවයි මැරුවෙ බාප්පද අරුණාචලම් ද කියන්න.. මං දන්න එකම දේ.. එයාලා විශ්වාස කරපු අයම එයාලගෙ වල කපලා දුන්නා කියලා විතරයි..


 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Where stories live. Discover now