Episode 9 🪁

947 257 32
                                    

Episode 9



මාසයක් ! හරියටම මාසයක්... එදා ඉදන් මාසයක් යනකන් මං එයාව හෙව්වා.. බැංගලෝර් වල මෙච්චර කන්ටෑක් තිබ්බ මට එක තනි මනුස්සයෙක් හොයන්න මෙච්චර කාලයක් ගත වුනා කිව්වහම ඒක ගැන මට දැනෙන්නෙ මං ගැනම ලැජ්ජාවක්..


සාමාන්‍ය මනුස්සයෙක්.. ඒ වගේම වෘත්තියෙන් නීතිඥයෙක්.. ඉතින් රටක වැදගත් රැකියාවක නියුතු පුරවැසියෙක්ව හොයාගන්න බැරි වුනා කියන එක මං ගැනම ලොකු අවතක්සේරුවක්.. මේ මාසය ඇතුලත මං ලියෝන් ෆර්නෑන්ඩෝ ව හොයන්න නොකරපු දෙයක් නැතුව ඇති...


" තමුසෙ මොකටද ඔච්චර කොල්ලෙක් ගැන නහින්නේ ?"

අන්තිමට මගෙ පිස්සුව බලාගෙන ඉන්න බැරිම තැනද කොහෙද අයියා මගෙ මග හරස් කරලා ඇහුවා.. ඇයි ඉතින් බිස්නස් වැඩ වලින් පොඩි විවේකයක් හරි ලැබුනගමන් මං අර්ජුනයාවයි ගාඩ්ලා දෙන්නෙක්වයි ඇදන් යන්නෙ ලියෝන් ගැන විස්තරයක් හොයාගන්න...


මට එයාව හොයාගන්න බැරි වුන ලොකුම හේතුව වුනේ අඩුගානේ එයා අවුට් වුන කැම්පස් එක මොකක්ද කියලා වත් දන්නෑ.. එයා වැඩ කරන්නෙ චැම්බර් එකකද එහෙම නැත්තං ඩිරෙක්ටම උසාවියකද නැත්තං පෞද්ගලික නීතිඥයෙක් විදිහට ආයතනයකද කියලා වත් මං මෙලෝ හසරක් දැනන් හිටියේ නෑ.. අදුරන සීනියර් ලෝයර්ස්ලා කිහිපදෙනෙක්ගෙන් නම කියලා ඇහුවත් ඒ අය එහෙම ජූනියර් කෙනෙක් ගැන දැනන් හිටියේ නෑ...


ඒක සාධාරණයි.. ඉන්දියාව කියන්නෙ කොච්චර ලොකු රටක්ද.. ප්‍රාන්ත කීයක්ද.. ඒ වගේම කැම්පස් කීයක්ද.. අනික හැම කැම්පස් එකටම ගිහින් බැලුවත් ඒකේ උන් කැමති නෑ පිට වුන්ට තොරතුරු දෙන්න.. මං මං ඉගෙනගත්ත දිල්ලි යුනිවර්සිටි එකට ගියත් ඒකේ ලෝ ෆැකල්ටි එකේ එහෙම කෙනෙක් ඉදලා නෑ...


" ඇයි කටේ පිට්ටුද ? බාප්පත් ඇහුවා ආර්යන් තමුසෙ පිස්සුවෙන් වගේ මේ මොකක්ද කරන්නේ කියලා ! "

" ඒක මගෙ වැඩක්.. ප්ලීස් අයියා මේකට අත දාන්න එපා.."


මං යන්න හදපු මග හරස් කරන් හිටපු අයියාගෙ උරහිසට තට්ටුවක් දාලා මං කිව්වේ මට තව යන්න තැනක් තිබ්බ නිසා එයාව හොයාගන්න.. ඒත් මගෙ වචනත් එක්ක කේන්තියෙන් දත්මිටි කාපු අයියා මගෙ කොලර් එක තදින් අල්ලගෙන මාව බිත්තියට තද කරා...


 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Where stories live. Discover now