Episode 30 🪁

704 199 74
                                    

Episode 30


අලුත් දවසක ආරම්භයක් ! මං හිටියේ පාකින් එකට වෙලා ලියෝන් එනකන්.. මගෙත් එක්ක ලිෆ්‍ට් එකේ පහලට ඇවිත් ආයෙත් දිව්වා ෆෝන් එක දාලා ඇවිත් කියලා.. සිහියත් හොරු අරගෙන ගිහින්.. නැතුව තියෙයියැ ඊයේ රෑ කරපු වීරක්‍රියාව උදේ නැගිට්ට වෙලාවෙ පටන් මතක් කර කර හිනාවෙච්චි කොට..


ටෝච් එළියකට අපි කොයිතරම් බය වුනාද කියනවා නම් මගෙ සෙරෙප්පුවක් ගැලවිලා වැටුනත් ලියෝන් නෙවෙයි පිටිපස්සක් හැරිලා බැලුවෙ.. සෙරෙප්පු දාලා වරෙන් ලෝභයෝ කියලා කෑගැහුවෙ.. එව්වාට සැලෙන මිනිහෙන් නෙවේ මේ ආර්යන් කියන්නෙ.. අන්තිමට මං ආපහු ගිහින් සෙරෙප්පුවත් අහුලන් දුවන් එද්දි එයා අර නම්බර් එක ගත්ත ත්‍රයිශෝ එකට කෝල් කරලා තිබ්බා.


" කොහෙද දාලා තිබ්බේ අෆ්ෆා ඕක.. කෝ නගින්න "

ලියෝන් දුවගෙන දුවගෙන වාහනේ ගාවට ආවහම ඇතුලේ වාඩිවෙලා හිටපු මං පැසෙන්ජර් සීට් එකේ දොර ඇරලා දුන්නා..


" නැගපු අය ටිකට් ගන්න.. නැගපු අය ටිකට් ගන්න !! "

ලියෝන් කෑගහපු බස් එකේ කන්ඩක්ටර් කෑගහනවා වගේ ටෝන් එකකින්.. මං හිනාව තද කරගත්තා..


" මට නැගලා නෑ බන්.. ඊයේ රෑ නම් වැඩියෙනුත් එක්ක නැග්ගා.. "

" තවුසෙ මහා වනචරයෙක් ඕයි.. අර පාලම ගාව දෙකට නවාගෙන අහිංසක මට මොනවද කරේ ආර්යන් අයියා..."


අම්මපා මූට දෙන්න හිතයි.. මමලු මොනවද කරේ.. හරි මං තමා කරේ.. මාව එහෙම් මෙහෙන් අතපත ගාලා ඇවිස්සුවෙ කවුද එතකොට.. පබ්ලික් ප්ලේස් එකක මුකුත් කරන්න බෑ කියලා අහිංසක මං කියද්දි ගැට්ට අල්ලන් නැවිලා මාව වරදට පොළඹවගත්තා.. දැන් බලකෝ මූ පිස්සු හුත්තෙක් නෙහ්...


අර 'අයියා.." කියන එක කිව්වේ හෙන නාට්‍යානුසාරයෙක්.. මං හිනාව එලියට නොදා හිටියේ හෙන ගේමක් දීලා.. මූ එක්ක බෑ.. මගෙ අත පය අත ගගා මාව අවුස්සනවා ආයෙමත්.. හැබැයි උදේ කියලා බලන් නෑ කාර් එකේ පිටිපස්සෙ සීට් එකත් නියමයි කලු වීදුරු නෙහ් තියෙන්නෙත්.. ම්ම්ම්...


 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Where stories live. Discover now