Episode 1 🪁

2.4K 365 68
                                    

Episode 1



ජීවිතේ කියන්නෙ දුෂ්කර ගමනක්.. ඇද බැටීම්... බිද වැටීම්.. හැල හැප්පීම්.. හිතුවෙ වත් නැති වෙලාවට අපේ ජීවිතේට එන ඉඩෝරේ හැදෙන පතොක් වලටත් වඩා කර්කශ දෙයක්.. මිනිස්සු හිතනවා නම් හැමෝම නෙළුම් මලෙන් ඉපදිලා සුවද දීදී වැජඹෙනවා කියලා, අමතක කරන්න එපා පෙති සීයක් වුන ඒ සියපතත් වැඩුනෙ මඩ ගොහුරක කියලා...


අම්මයි තාත්තයි මගෙ ඇස් දෙක ඉස්සරහා කෑලි කපලා මරපු දවසෙ ඉදන් සමහරවිට මං අදටත් ජීවත් වෙනවා ඇත්තේ ලේ වගුරපු ඒ දෙතොලින් කිව්ව එක වචනයක් නිසා විතරක් වෙන්න ඇති.. අවුරුදු අටේ මං එදා ඒ දිග මන්නා පිහි වලට බයේ අකුලක් අස්සෙ හැංගිලා උන්නා.. ඒත් වෙව්ලන මගෙ කකුල් ඇවිදන් ගියා තාමත් ඇස් ඇරන් කට දෙපැත්තෙන් ලේ වක්කරන් උන්න මගෙ තාත්තා ගාවට....

" පොඩී... උ..බ.. ජීවත් වෙන්නම ඕ..නේ... ඒ.. නිසා දුව..ප...න් "


අදටත් මතකයි ඒ වෙව්ලන දෙතොලින් කිව්ව වචන ටික.. කොට කලිසමක් පිටින් කමිසයක් උඩට නැතුව තලෙලු පාට දාඩිය දාපු දිලිසෙන ඇගෙන්ම හෙම්බත් වෙලා හිටපු මං දුවන් ආවා හැටි අදටත් මතකයි.. මගෙ සහෝදරයා.. ඌ ගැන කියන්න නම් වචන නෑ.. තනි වචනෙන් කිව්වොත් කාලකන්නියෙක්.. ඒත් ඒ කාලකන්නියා එක්ක මට උපන් ගම චෙන්නායි අතෑරලා බැංගලෝර් එන්න සිද්ධ වුනා....

" මාස්ටර්... තැඹිලි ගෙඩියක් බොනවද ? "

" හ්ම්ම්... "

අවුරුදු 32ක මනුස්සයෙක් වෙච්ච මං බැංගලෝර් ගියෙ මගෙ බාප්පා ගාවට වෙද්දි මං ඉගෙනීම සම්පූර්ණයෙන් අවසන් කලේ එහෙදි.. ඉතින් එක්තරා දවසක මට මගෙ ළමා කාලය අහිමි වුන ඒ චෙන්නායි වලට යන්න හිතුනා.. මං බලාගෙන හිටියා මගෙ ඩ්‍රයිවර් බැහැලා ගිහින් පාර අයිනේ තිබ්බ පොඩි කඩේකින් තැඹිලි කපලා ගන්නවා...

වාහනේ ඒසී එකේ මෙච්චර වෙලා සනීපෙට ආව මං එලියට ආවෙ තිරුපති වල හුලග පොඩ්ඩක් ඇගට වද්දගන්න.. ඔව් අපි හිටියේ තිරුපති වල.. චෙන්නායි වලට තව දුරයි.. මං සාමාන්‍යයෙන් පිට තැන් වලින් කෑම ගන්නවා අඩුයි.. ඒක ගැන හොදටම දන්න මගෙ ඩ්‍රයිවර් මේ වගේ පොඩි තැනක නවත්තන්නේ ඒ නිසයි..




 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Where stories live. Discover now