Episode 23 🪁

774 202 60
                                    

Episode 23



අපි මුලින්ම බලපු ගෙදරට නම් ලියෝන් වැඩි කැමැත්තක් පෙන්නුවෙ නැති නිසා අර්ජුන් ඇඩ්වර්ටීස්මන්ට් එකකින් මට කන්ටෑක් කරලා දුන්න ගෙදරක් බලන්න ඊලගට අපි ගියා..

කලින් ගෙදරට වඩා පොඩි ගෙයක් තනි තට්ටුවේ.. කලු ගේට් එකක් එක්ක සුදු තාප්පයක් තිබ්බා.. අපිට ගෙදර පෙන්නුවෙ අයිතිකාර පිරිමි කෙනා.. මීටකලින් හිටපු කපල් එක හොදට පාවිච්චි කරලා තිබ්බා.. මොකද එයා කිව්වා රෙපෙයාර් කරන්න දෙයක් තිබ්බේ නෑ කියලා අලුතින්...


මුලු ගෙදරම බිත්ති තනි සුදු.. සාලේ කෑල්ලේ ෆර්නිචර්ස් කිහිපයක් තිබ්බා ඒවා සේරම දුඹුරු පාට දේවල්.. ඒක වෙනම ලස්සනක්.. පොඩි සාලෙයි.. කිචන් එකයි.. එක කාමරයයි බාත්රූම් එකයි.. ගෙදර වටේටම පොඩියට වත්ත තිබ්බා.. මිදුලේ එක පැත්තක තණකොල වවලා අනික් පැත්තේ සුදු වැල්ල.. එක දිගට රෝස මල් තියන පැල වගයක් තිබ්බා.. එච්චරයි...


" මං කැමතියි ආර්යන්.. මේක නම් නියමයි.. "

එයාගෙ ඇස් වල තිබ්බ සතුට මං දැක්කා.. එයා මෙතනට කැමති වෙලා තිබ්බේ හදවතින්මයි.. ගේ ඇතුල දිහා ආසාවෙන් බලාගෙන ඉන්න එයාගෙ අතක් මං අල්ලගත්දි ඒ දිගටි ඇස්පිහාටු මගෙ දිහාට හැරුනා.. ලියෝන්ගෙ තද කලු ඇස් කියන්න බැරි තරම් ලස්සනයි.. එයා එහෙම පහන් හැගීමකින් බලාගෙන ඉද්දි මට මේ ලෝකේ හැමදේම අමතක වෙනවා වගේ..


" අපි ගම්මු.. මාස කීයකට ගෙවන්න ඕනෙද පැටියෝ ඔයාට ? කෙලින්ම අවුරුද්දක් හාද ? "


මං ඇහුවෙ සල්ලි ට්‍රාන්සර් කරන්න හිතාගෙන මගෙ පෝන් එක සාක්කුවෙන් ඇදලා ගන්න ගමන් වෙද්දි එයා මගෙ අත හිරකරලා අල්ලගත්දි මං ඇස් උස්සලා බැලුවා.. මෙන්න මූ රවාගෙන ඉන්නවා.. මොකද යකෝ මට රවන්නේ....


" මොංගල්ද ඩාලිං ? ඇඩ්වාන්ස් එක දෙනවා මං.. ඊටපස්සෙ සතියකින් මන්ත්ලි පේමන්ට් ගෙවනවා.. වැඩි වැඩ ඕනෙ නෑ.. "

" ඒ මොකටද ? මං ලොකුකමට නෙවේ ගෙවන්නම් කිව්වේ.. ඔයා ගෙව්වත් මොකද මං ගෙව්වත් මොකද ? "


" ඕනාවට වඩා සල්ලි තියනවා කියලා පිට මිනිස්සුන්ට අගවන්න ඕනෙ නෑ.. රෙන්ට් එකට ගන්න අනික් මිනිස්සු වගේ පේමන්ට් කරාම ඉවරයි.. ඒ නිසා ඔය පෝන් එක සාක්කුවට දාගන්නවා !!! "


 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Where stories live. Discover now