Episode 17 🪁

934 238 68
                                    

Episode 17



වෙලාවකට එයා මගෙ අස්සට තුරුල් වෙලා ඉද්දි ආයෙ තව ටිකකින් මං එයාගෙ අස්සට තුරුල් වෙලා හිටියා.. මං හිතන්නේ මගෙ ජීවිතේ ලස්සනම රැයක් ඒ ගෙවිලා ගියේ. වෙනදට මං තනියෙන් නිදන ඇදේ අද මට තනි මකන්නේ මගෙ ආදරේ හිටියා..


මගෙ බෝයිෆ්‍රෙන්ඩ් හරිම උණුසුම්.. ඉතින් මට සනීපෙට නින්ද ගියා.. එයාගෙ දිග කොටු ඇගිලිතුඩු මගෙ කොන්ඩෙ අස්සෙන් සනීපෙට යද්දි තමයි මගෙ ඇස් ඇරුනේ.. මූණෙ හිනාවක් එක්ක එයා මගෙ දිහා බලාගෙන ඉද්දි ඉස්සුන මං ඒ දෙතොල් පෙති ආදරෙන් සිපගත්තා..


" ගුඩ්මෝනින් මගෙ පැටියෝ.. "

" ගුඩ්මෝනින් රත්තරන්... "


ලියෝන්ගෙ කොන්ඩ කැල්ලක් නලලින් පහලට වැටිලා තියෙද්දි එයාගෙ තිබ්බේ අමුතු සරාගී ලස්සනක්.. ඊයේ රෑ සීමාවන් එක්ක රාගයේ රස බලපු නිසාද මන්දා මට උදේ පාන්දර එයාව මෙච්චර සරාගී විදිහට පේන්න ගන්නේ.. කොහොමත් එයා ලස්සනයි.. කඩවසම්.. ඒකට මට ලකුණු සීයක් දෙන්න පුළුවන්.. ඒත්.. අතිශය පෞද්ගලික දේකින් පස්සෙ හැමෝටම මෙහෙම හිතෙනවා ඇති..


" උදේම ඇහැරිලා ඇයි මගෙ කයිට්ස් ම්ම්ම්... "

" ආර්යන් හොද සිහියට වරෙන් මිනිහෝ.. මං ගෙස්ට් රූම් එකට රිංගන්න ඕනෙ.. "

" අෆෝ ඒකද මේ.. මෙයා බයවෙලා තියන තරමක්.. "

ලියෝන් උදේ පාන්දර ගිරිය පුප්පන් කෑගහන්න හදද්දි මං එයාගෙ බෙල්ල වටේ අත්දෙක දාලා මගෙ මූණ ලගටම ඇදලා ගත්තා.. මට එයාට යන්න දෙන්න ඕනා නෑ වගේ. මං හිටියේ හෙන මනෝලෝකෙක හින්දද මන්දා ලියෝන්ගෙ දිග ඇගිලි මගෙ කන රත් වෙන්න ඇඹරෙව්වා...


" විහිලුද මිනිහෝ විහිලුද ? දැක්කා නෙහ් තමුසෙගෙ ගෙදර උන්.. අර අක්කා මාර අවධානෙන් හිටියේ ඊයෙත්..."

" අහ් අතෑරපන් පකෝ... රිදෙනවා රත්තරන්... "


නේහා සැකෙන් බලාගෙන ඉන්නවා දැකපු එකා මං විතරක් නෙවේ එහෙනම්.. මගෙ සුදු කොල්ලත් දැකලා. ඒකද මේ පෙරකදෝරු මහත්තයා උදේම දුම්මල වරම අතට අරන් තියෙන්නෙ.. මගෙ කන නම් අඹරපු විදිහට රත් වෙලාද මන්දා.. දැවිල්ලයි..


 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Opowieści tętniące życiem. Odkryj je teraz