Episode 19 🪁

926 246 51
                                    

Episode 19


මගෙ ඇග උඩින් කකුලක් දාගෙන තාමත් නිදාගෙන ඉන්න එයා දිහා මං බලාගෙන හිටියා.. බෝල කම්මුල් පිම්බිලා තියෙද්දි එයාගෙ බාගෙට ඇරිලා තිබ්බ තොල් වලින් සනීපෙට හුස්ම ගන්න ගමන් හිටියා..


බෙල්ල පාමුල තිබ්බ රතු පාට පැල්ලම දිගේ මගෙ ඇගිල්ලක් අරගෙන යද්දි මට දැනුනේ අමුතු සතුටක්.. ආදරෙයි ආදරෙයි කියලා හිත් බැදුනා වගේම පලවෙනි වතාවට අපි ගතිනුත් බැදුනා.. මං ආදරෙයි ඊයේ රෑට ගොඩාක්.. මගෙ ජීවිතේ සතුටුම රැයවල් වලින් එකක් ඒක...


" ගුඩ්මෝනින් රත්තරන්.. නැගිටින්නකෝ... "


මං එයාගෙ බෙල්ල පාමුල තිබ්බ රතු පැල්ලම දිවෙන් තෙත් කරන ගමන් මගෙ ඉස්සරහා දත් දෙක එකතනට තද කරද්දි නින්දෙන්ද කොහෙද එයා එතන කස්සන්න ගත්තා. ආයෙ ටිකකින් එයා හිමීට හුස්මක් ගන්නවා දැනෙද්දි මං ආයෙත් මගෙ දත් දෙක තද කරා විතරයි...

චටා...ස්


නින්දෙන්ම අත දිගෑරලා දුන්නේ මගෙ කම්මුලට වෙද්දි මගෙ අහිංසක කම්මුල කිස් ගෑවා.. මං එහෙමම පාර වැදුන කම්මුල අල්ලගෙන එයා දිහා බලද්දි තමයි ලියෝන් ඔලුව කස කසා ඇස් ඇරලා බැලුවේ.. එයා නිකන් වෙන ලෝකෙක ඉදලා ආව වගේ නිදිමත බේරෙන ඇස් වලින් මගෙ දිහා බලාගෙන හිටියා...


" පකෝ... තෝ මට ගැහුවා... ඒකත් මේ උදේ පාන්දර..."

" මොනවද කියන්නෙ ආර්යන්.. නිදාගන්නවාකො හලෝ පව් නොදී... "


මෙන්න ආයෙත් ඇස් වහගත්තා.. නයිට් ස්ටෑන්ඩ් එක උඩ තියන පොඩි ඔරලෝසුවෙන් මට පේනවා වෙලාව උදේ අටත් පහුවෙලා කියලා.. ඉතින් මොන නින්දක්ද අනික ලියෝන් අද දිල්ලි යන්න ඕනේ නේද නඩුවකට.. මට ඒක මතක් වෙලා එයාගෙ උරහිසෙන් ඇද්දා විතරයි...


" මොන හුත්තක්ද වෙලා තියෙන්නෙ.. ආයෙ දවස් දෙකකින් කරමු මං ගිහින් ආවහම.. දැන් නම් බෑ මුකුත් !! "


මොකක් ?! මොකක්ද යකෝ ඒ ? මං දැන් මුකුත් කරමුයි කියලා කිව්වද.. තිබ්බ කේන්තියටම බෙල්ල ගාවට වෙනකන් ඇදලා පෙරපන් හිටපු බෙඩ්ශීට් එක මං වේගෙන් ඇදලා පහලට දැම්මේ ලියෝන් ඇහෙරෙයි කියලා වුනත්.. එයා ඉන්නේ අමු නිර්වස්ත්‍රයෙන් කියලා මං දැක්කේ එතකොටයි...


 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Opowieści tętniące życiem. Odkryj je teraz