Episode 38 🪁

753 207 60
                                    

Episode 38


මගෙ ඇස් ඊතල වගේ එහාට මෙහාට ගියෙ උසාවිය ඇතුලේ ලෝයර්ස්ලා දෙන්නා තර්ක කරපු විදිහට.. වැඩියෙන්ම වින්දිත වුන මැරුන ආච්චිගෙ විරුද්ධ පාර්ශවය වෙනුවෙන් කතා කරපු ඉන්ධර් ධවාන් මොන වගේ මනුස්සයෙක්ද කියලා මට හිතාගන්න බැරි වුනා..


කාගෙ කවුද කියලා නොදන්න මේ ඉන්ධර් ධවාන් ලෝයර් කෙනෙක් වෙන්නම ඉපදුන මනුස්සයෙක් වෙන්න ඇති කියලා මට හිතුනෙ මං දැකලා තියන අනික් ලෝයර්ස්ලාට වඩා හුගක් කැපකිරීමක් කරලා එයා මේ නඩුව වෙනුවෙන් කරුණු ගොනුකරලා තියෙනවා කියලා..


" විරුද්ධයි ස්වාමීනි !!! "

" පිලිගන්නවා. රජයේ නීතිඥතුමා මා එය ප්‍රතික්ෂේප කරනු ලබනවා "


දෙයියනේ දෙයියනේ !! ඒක කිව්වේ ඉන්ධර්ට... එතකොට ඉන්ධර් කියන්නෙත් රජයේ නීතිඥකෙනෙක්. අන්තිමට විනිසුරුතුමා වින්දිත පාර්ශවයේ ලෝයර්ගෙ ඉල්ලීම පිලිගත්තට පස්සෙ සාක්ෂිකරුගෙන් අනවශ්‍ය ප්‍රශ්න කිරීම නතර කෙරුවා..


" ලියෝන් ත් රජයේ නීතිඥයෙක් !! අනිවාර්යයෙන්ම මේ ඉන්ධර් ලියෝන්ව දැනගන්නම ඕනෙ "

මට කොහොමත් තිබ්බ හොදම තුරුම්පුව ඒක.. එදා එලියට් එක්ක කතා කර කර හිටපු නිසාම ඉන්ධර් ලියෝන්ව දන්නවමයි කියන්න බෑ. ඒත් දැන් මේ දෙන්නාම රජයෙ නීතිඥවරුන් නම් නොදැන ඉන්න විදිහක් නෑනෙහ්.. කොහොමත් ඉන්ධර්ගෙ පෙනුමෙ හැටියට එයා ලියෝන්ට වඩා සීනියර් වෙන්න ඇති ඉතින්..


මං හිටියේ නඩුව අවසන් වෙනකන්.. දෙවනි දවස නිසා නඩු තීන්දුව විනිසුරුවරයා ලබා දුන්නා. අර ලෝයර්ස්ලා කතා වුනා වගේම විත්තියෙ නීතිඥ ඉන්ධර් ධවාන් තමයි නඩුව දිනුවෙ.. ආච්චි මැරිලා තිබ්බෙ හදිසි හෘද්‍යාබාධයකින් විතරයි විත්තියෙ පාර්ශවය කිසිම සම්බන්ධයක් නෑ කියලා එයා ඔප්පු කරලා තිබ්බා.


අන්තිමට නීතිඥවරු දෙන්නම මෙච්චර වෙලා උසාවිය ඇතුලේ තර්ක කරගත්තත් කෑගගහා එලියට එද්දි හොදට කයියක් දාගෙන දෙන්නම එනවා දකිද්දි මට කටකොනින් හිනාවක් පැන්නා. එයාලා යාලුයි මල්ලි !!


 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Where stories live. Discover now