Episode 41 🪁

707 206 62
                                    

Episode 41


මං කොහොමද එයා කෑගගහා අඩන දිහා බලාගෙන ඉන්නේ.. කවදාවත් දැකලා නැති වෙනස්ම ලියෝන් කෙනෙක් මගෙ ඉස්සරහා ජීවමාන වෙලා හිටියා.. හැමෝගෙම ඇස් එයා දිහාට එල්ල වෙද්දිත් ලියෝන් ඒ විදිහටම කෑගැහුවා තාත්තේ කියලා...


ඉතින් අවුරුදු දහයකට කලින් මරලා දාලා තිබ්බ ඉන්ධර් ධවාන්ගෙ පුතා ඒ විදිහට හැමෝගෙම ඇස් ඉස්සරහා ඉද්දි මීඩියා වල කැමරාස් එයාගෙ දිහාට එල්ල වෙද්දි එලියට් පවුරක් වගේ ලියෝන්ට රැකවරණය දෙද්දි ඒ දවස් වල මාව වැලදගත්ත ශක්තිමත් අත්දෙක එලියට් වටේ එතෙද්දි මං ඔහේ බලාගෙන හිටියා..


" එ.. එතකොට.. සුදු සර්ගෙ තාත්තද බොස් ඒ ? "

ඒ අස්සෙ අර්ජුන් අහනවා.. මම ඒක ගෙස් කරන් හිටියා තමයි.. ඒත් එයා මට හුගක් දේවල් හංගපු නිසා මං හිතුවෙම එයා මට නොසෑහෙන්න බොරුකාරයෙක් වුනා කියලා.. ඒත් ඒ ඇස් වලින් වැටෙන කදුලු නිසාම එයාගෙ බොරුවෙන් පිරුණු ජීවිතේට ලොකු හේතුවක් තිබ්බා කියලා දැන් මට තේරෙද්දි එයා මගෙන් හුගක් දුර ගිහින් ඉවරයි..


සමහරවිට මේ මොකක් හරිම දේකට මාවත් සම්බන්ධ ඇතිද ? ඒ නිසාද එයා මගෙන් මේ විදිහට ඈත් වෙලා ගියෙ ? නැත්තං එදා අපි අතර ඇති වුන බහින්බස් වීම නම් මං හිතන් නෑ කොහෙත්ම මේ තරම් දුරස්වීමකට මුල පිරුවා කියලා. ඊටවඩා හේතුවක් මට එයාව එලියට් වැලදගෙන ඉන්නවා දකිද්දි තේරෙනවා.. ලේ ඝනකමයිද ආදරේට වඩා ?


මීඩියා වලින් මයික් දිග් කර කර එක එක දේවල් අහද්දි මාස්ක් එකයි කැප් එකයි දාගෙන හිටපු ලියෝන් සෙනග මැද්දෙන් ගේට් එක පැත්තට එන්න ආවේ පොලිස් ආරක්ෂාව මැද්දේ.. එයාට අනතුරක් තිබ්බට නෙවේ මීඩියාකාරයෝ අහන දේවල් වලට එයා වග උත්තර බදින්න ඕන නැති නිසා..


" ල්... ලි..යොන් ! "

එයා බිම බලාගෙන මාව පහුකරන් යද්දිම මට මිමිණුනා. මොනවා වුනත් ඒ ඉන්නේ මං හැමදාටම ආදරේ කරන කෙනා.. මේ හිතේ වෙන කෙනෙක්ට ඉඩක් ගන්න බැරි තරමට මං එයාට ආදරේ කරනවා.. වෛරයක් කියලා දෙයක් ඇති වුනා කියලා මං විශ්වාස කරත් බලාගෙන යද්දි මගෙ කේන්තිය පරයලා ඒක කවදාවත් වෛරයකට පෙරලිලා තිබිලා නෑ.. මං හැමදාම කරලා තියෙන්නේ උබට පණ දීගෙන ආදරේ කරපු එක විතරයි බන්...


 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Where stories live. Discover now