Episode 33 🪁

616 199 74
                                    

Episode 33


පුංචිගෙ මැදිහත්වීම නිසා බාප්පට සිද්ධ වුනා මට කෑගහන එක නතර කරන්න. ඒ වගේ ටික වෙලාවක් යද්දි අපි හිටියේ මූණට මූණ බලාගෙන ලිවින් ඒරියා එකේ තිබ්බ හොදම සෝෆා සෙට් එකේ වාඩිවෙලා. බාප්පා මගෙ දිහා වගේම ලියෝන් දිහා දත්මිටි කාගෙන බලාගෙන ඉද්දි අක්කා ඈතට වෙන්න වෙනම තිබ්බ කවුච් එකක වාඩිවෙලා බලාගෙන හිටියා අපේ දිහා..


එයා ඒ එක්කම නියමයි කියන්න ඇගිලි වලින් පෙන්නද්දි 👌 යාන්තමට දැක්කා ලියෝන් අක්කාට ඇහැක් ගහනවා. මූට නම් මෙලෝම ගානක් නෑ වගේ. ඒත් මට තිබ්බ ප්‍රශ්නෙ අපේ සම්බන්ධය දැනගත්තා කියලා අක්කාට ඒක ගානක් නැද්ද කියන එක ! නැත්තං නේහා අග්‍රවාල් කලින් ඉදන්ම අපි ගැන දැනගෙන වත් ඉදලද ??


" තමුන් මට දැන් ජනනිට මොකක්ද කරන්න කියන්නෙ ? මට පොරොන්දු කඩන්න බෑ කොහෙත්ම !! "


බාප්පා කිව්වේ පැත්තක වාඩි වෙලා හිටපු අරුණාචලම් අන්කල් දිහාත් ඇස්කොනින් බලන ගමන්.. අනේ මන්දා මට දැන් නම් මේ මිනිහා ගැන හොදක් දැනෙන්නෙම නෑ. එදා චෙන්නායි ගිය දවසෙ ඇති වුන ප්‍රතිරූපය මේ වෙද්දි කුඩුපට්ටම්ම වෙලා ගිහින් තිබ්බා.

" පොරොන්දු කඩන්න බෑ කියන්නෙ මොකක්ද ? බාප්පේ මං ඔයාට කිව්වේ නෑ මගෙ කසාදය මම නොදැනුවත්ව තීරණය කරන්න කියලා !! "

" උබ හැදුනේ අපි ගාව අපේ ලමයෙක් විදිහට. ඉතින් මට අයිතියක් තියනවා තීරණයක් ගන්න.. අනික ජනනි කියන්නෙ හොද ගෑණු ලමයෙක් කිසි අඩුවක් නැති "


බාප්පා මොන මගුලක් කියෝනවද මන්දා සිරාවටම.. කසාදයක් එයාට ඕනාවට තීරණය කරන්න මං මුකුත් නොතේරෙන තොත්ත බබෙක්ගෙ වයසෙද? එයා මං පොඩි කාලේ තීරණ ගත්තා තමා.. ඒත් මේක මගෙ ජීවිතේ සම්බන්ධ ප්‍රශ්නයක්. අනික බාප්පා කියන්නෙ කොහොමද ජනනි හොදද නැද්ද කියලා ? කතාබහෙන් කියන්න පුළුවන් ද හොදද නැද්ද කියලා ?? මොන ගොන් කතාවක්ද ඒ !!


" අඩුවක් පේන්නෑ කොහොමත් සම්පූර්ණ කෙනෙක් විදිහට එයා ඉපදිලා ඉන්නවානෙහ් අංගවිකල නෑනෙහ්.. කසාදයක් කරද්දි බාප්පේ මං ඔයාට අමුතුවෙන් කියන්න ඕන නෑනෙහ් කොයි තරම් දේවල් ගැලපෙන්න ඕනෙද කියලා ? මොකද මං ජීවිත කාලෙම ජීවත් වෙන්න ඕන ඒ කෙනා එක්ක "

 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Where stories live. Discover now