Episode 40 🪁

744 212 51
                                    

Episode 40



මං හිතුවට වඩා දේවල් සිද්ධ වුනේ හරිම වෙනස් විදිහට.. මං හිතුවෙ නෑ ලොකු නිහඩතාවයක් තියනකොට ඊට පිටිපස්සෙන් දරුණු ප්‍රහාරයක් එල්ල වෙයි කියලා..


එදා මගෙ මැසේජ් එකට එලියට්ගෙන් කිසිම ප්‍රතිචාරයක් ආවේ නැති එක තමයි මට ලොකුම කුතුහලය ගෙනාවෙ. මොකද මට විශ්වාසයි වෙන රටක නම්බර් එකකින් ලියෝන්ට ඇවිත් තිබ්බ මැසේජ් අනිවාර්යයෙන්ම එයාලගෙ මේ ධවාන් පවුලට සම්බන්ධක් තියනවා කියලා..


ඒත් පොඩි දේටත් කුලප්පු වෙලා වගේ හැසිරෙන එලියට් සද්ද නැතුව හිටපු එක මං හිතුවේ නෑ මෙච්චර දේකට මුල වෙයි කියලා.. අර කියනවා වගේ එලියට් බලාගෙන හිටියේ එයාගෙ වෙලාව එනකන්..


" ඇරෙස්ට් වොරන්ට් එක අභිමන්යු අග්‍රවාල්ව ඇරෙස්ට් කරන්න ! මේ අනික් එක සර්ච් වොරන්ට් එක !  මුලු ගෙදරම පරීක්ෂා කරන්න "


එදා මං ඔෆිස් එකට යන්න කියලා හිතාගෙන පහලට ආවා විතරයි.. රණ්ඩුවක වගේ සද්දයක් ඇහෙද්දි මම ඉක්මනට ලිවින් ඒරියා එකට දුවගෙන ආවා. ඒ වෙද්දිත් වැරැන්ඩා එකෙන් ගොඩවෙන දොර ගාව හිටියේ එලියට් වෙද්දි එයා ගාවම හිටපු තව ඔෆිසර් කෙනෙක් කොලයක් දිග් කරන් හිටියා..


" මොකක්ද මෙතැන වෙන්නේ ? ඇයි මේ පොලීසියෙන් ? "


බාප්පාගෙ මූණ නම් පොඩ්ඩක් වත් හොද නෑ.. එයා අර ඔෆිසර් අතේ තිබ්බ පේපර් එක ගන්නේ නැතුව ඒ දිහා කේන්තියෙන් වගේ බලාගෙන ඉද්දි මං ගිහින් ඒක උදුරලා ගත්තා.. ඔව් මං පඩිපෙල බැහැගෙන එද්දි ඇහුන දේ වගේ දෙයක් තමයි ඒකේ තිබ්බේ.. වරෙන්තු දෙකක්..


මං ඒක අතේ තියාගෙනම එලියට් දිහා බලද්දි මිනිහා කටකොනින් හිනාවක් දාගෙන මගෙ දිහා කෙලින් බලාගෙන හිටියා.. ලස්සන ගේම් එකක් ප්ලේ කරන්න ඇවිත් තියෙන්නෙ.. මොකක් සම්බන්ධයෙන්ද කියලා හැබැයි මං තාම දන්නේ නෑ.. අභී සම්බන්ධව නම් ඒක බරපතල දෙයක් වීමේ ඉඩකඩ වැඩියි..


" මිස්ටර් ආර්යන් ! ඔයාගෙ සහෝදරයාව ඇරෙස්ට් කරනවා.. කරුණාකරලා අපිට අපේ ඩියුටි එක කරන්න ඉඩ දෙන්න "

 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Where stories live. Discover now