Episode 15 🪁

936 239 88
                                    

Episode 15




" කොහෙද කියපන් !! එයා කොහෙද කියපන් !!!! සක්කිලියා.. එයාට හීරීමක් හරි වෙලා තිබ්බොත් උබේ ඇගේ කෑල්ලක් වත් හොයාගන්න බැරි වෙයි පකයා ! "


එච්චරයි.. ඊටපස්සෙ අපි හිටියේ බෑන්ක් එක ගාව වෙද්දි අර්ජුනයා මගෙ මූණ දිහා බයවෙලා බලාගෙන හිටියා. පෝන් එක උදුරන් කෑගහපු කෑගැහිල්ලට තාමත් ඌත් ඉන්නෙ මං ඌටත් දීලා අදීද කියලා බැල්මකින් වගේ..


මට ඇත්තටම ඒ වෙලාවෙ සිහියක් නැති වුනා. හැමදෙනා ගැනම සැකයෙන් බලලා ජීවත් වෙන මං ඒ ඇහුන දේ එක්ක හිතුවෙම ලියෝන් මාව රවට්ටලා ඒ නිසයි නම්බර් එක වැඩ නැත්තේ කියලා.. ඒ නිසාම අමතක වෙලා ගියා සල්ලි ඉල්ලන්නේ කවුරු වෙනුවෙන්ද කියලා වත්..


" බොස් දැන්... මේ අපි සල්ලි ගන්නවද බෑන්ක් එකෙන් ?"

" ඇයි නැත්තං උබ කියන්නෙ ගිහින් මට ඌට චෙක් එකක් සයින් කරලා දෙන්න කියලද ? "

" හරි ඉතින් ඕකට ඉතින් කෑගහන්න ඕනෙ නෑනෙහ්.. "


මගෙ සද්දේ වැඩී කියලා හිතුනේ අර්ජුන් කියනවත් එක්කම එතනින් ඇවිදගෙන ගියෙ පොඩි ළමේකුත් මගෙ දිහා ඇස්ලොකු කරන් බලපු විදිහට.. ඒ එක්කම..


" අම්මා.. ඇයි ඒ අන්කල් කෑ ගහන්නේ ? බය හිතෙනවානෙහ්.. "


" කෑ ගහන්නේ නෝටි නිසානෙහ්.. මගෙ පුතා නම් එහෙම වෙන්න එපා.. "


මොන හුත්තක්ද... යකෝ... මං නෝටිද.. නෝටි පෙන්නනවා මං හොද මූඩ් එකක හිටියා නම්.. අනික ඒ පොඩි එකා එයාගෙ අම්මාගෙන් ඒක හයියෙන් ඇහුවට ඒ ගෑණු කෙනා උත්තර දුන්නේ හිමින්.. ඒත් මගෙ තියුණු කන් වලට ඒක හොදට ඇහුනා. ඒ මදිවට වඩාගෙන ගිය පොඩි එකා දිගටම මගෙ දිහා බලාගෙන ඉන්නවා දකිද්දි තවත් කේන්ති ගිය මං කඩාගෙන බිදගෙන බෑන්ක් එක ඇතුලට යද්දි අර්ජුන් දුවගෙන ආවා..


" මැෂින් එකෙන් ගන්න පුළුවන් නේද බොස් ?"

" ඔතන මිනිස්සුන්ට විහිලුවක් වෙන්න ඕනෙ නෑ බන්.. අනික හොරු හැමතැනම.. අන්තිමට මට මේ වෙලා තියන දේවල් මදිවට හොරු පස්සෙන් පන්නන්නත් වෙයි.. "


 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Where stories live. Discover now