Episode 43 🪁

741 212 82
                                    

Episode 43


අක්කා ගෙදර තනියම තමයි ඒත් මට බාප්පාගෙ ගෙදරට අඩියක් වත් තියන්න හිතුන් නෑ.. මොකද මේ වෙද්දිත් හැම නිව්ස් චැනල් එකම අයියාව වගේම බාප්පාවත් මිනීමරුවො කරලා අග්‍රවාල් පවුලේ නම නැති කරලා දාලා තිබ්බා..


බැංගලෝර් ටවුන් එකේම බාප්පා ලොකු ගෙදරක ජීවත් වුනේ හරි උජාරුවට.. මිනිස්සු හැමෝම ගරු කරා.. මොකද අහල පහල නැති බැරි මිනිස්සුන්ට උදව් කරලා හැමෝම එක්ක සුහදව හිටපු කෙනෙක් කුමරන් අග්‍රවාල් කියන්නෙ.. ඉතින් එහෙම චරිතයක ඇතුලාන්තය මොන වගේද කියලා දැනගත්තට පස්සෙ හ්ම්ම්... මට කොහොමත් ඒ ගෙදරට ආයෙ යාගන්න බැරි වේවි...


" පරිස්සමින් ඇතුලට වෙලා ඉන්න දුව එක්ක.. සිකියුරිටි එකෙන් ඉන්නවානෙහ්.. "

මිනිස්සු ගෙදර ඉස්සරහා පිකට් එකක් කරත් මට පුදුමයක් නෑ ඉතින්.. ඒ නිසාම අක්කාට කෝල් එකක් අරන් මං පරිස්සම් වෙලා ඉන්න කියද්දි එයා හොදටම අඩනවා ඇහුනා. ඇත්ත ඉතින්.. ඒ එයාගෙ තාත්තා.. එයාට දරාගන්න බැරුව ඇති මට තේරෙනවා..


" ම්... ම..ල්ලි... තාත්තා.. ඇ.. ඇත්..තට..ම එහෙම කරලද ? "

තමන්ගෙ තාත්තව උසාවියකදි මිනීමරුවෙක් විදිහට චෝදනාවක් එල්ල වුනාට පස්සෙ දරුවෙක්ට දැනෙන්නෙ කොහොමද කියලා මට තේරෙනවා.. එතකොට ලියෝන්.. තමන්ගෙ තාත්තගෙම මරණය ගැන නඩුවට පෙනී හිටිනවා.. ඒ හිතේ මොන තරම් දුකක් ඇතිද.. අද එයා මගෙත් එක්ක කතා කරලා යද්දි ඒ ඇස් වල මං ගැන තරහක් තියනවා නිකමට වත් දැක්කේ නෑ මම..


ඇත්තටම මම මේ කිසි දෙයක් දැනන් හිටියේ නෑනෙහ්.. අඩුගානෙ අයියා ඔය විදිහට මනුස්සයෙක්ව හැප්පුවා කියලවත් දැනන් හිටියේ නෑ. බාප්පා ඒ වැරැද්දට තවත් හවුල් වෙලා.. මං දන්නෑ කාර් එකට දාගත්ත මනුස්සයාව බාප්පා අර විදිහට මරන්නේ කියලා නම්.. සමහරවිට ඒක ඒ දෙන්නා ප්ලෑන් කරලා කරපු දෙයක් වෙන්න ඇති..


" නඩු තීන්දුව අනිද්දා අක්කේ.. එහෙම කරලා නම් ඔප්පු වෙයි.. බාප්පාව විතරක් නෙවේ අභීවත්.. හ්ම්ම්.. "

" අනේහ්...... "

පවුලෙ හිටපු දෙන්නෙක්ටම හිරගෙදර කල්දේරම් බත් කන්න වෙනවයි කියලා මතක් වෙද්දිත් පපුව පැලෙන්න තරම් කැක්කුමයි.. ඒත් වැරැද්දක් කරා නම් දඩුවම් ලැබෙන්නම ඕනෙ..


 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Where stories live. Discover now