Episode 8 🪁

992 251 57
                                    

Episode 8




ආයෙත් බැංගලෝර් එද්දි උදේ ඉර එළිය වැටිලා තිබ්බා.. මං සනීපෙට සීට් එකත් කඩලා නින්දක් දාගෙන ආවා.. අර්ජුන්ගෙ කටහඩට තමා නිදිමතේ මං ඇස් ඇරියේ.. අර ඉස්කෝලේ යන්න නැගිටිද්දි පොඩි එකෙක් බෑ කියලා අම්මා ගැහුවහම බලන පෙනුමකින් මගෙ නින්ද කඩපු ඩ්‍රයිවරයා දිහා බලාගෙන හිටියා..


" මොකද කරන්නෙ බොස්.. උදේ කෑම කාලාම යනවද ?"

" උදේ කෑම දෙන්න තමා අයියා එන්නයි කියන්නෙ.. ඔන්න ඕක යාඩ් එකට හරවපන් ! "


බාප්පගෙ අති විශාල සුඛෝපභෝගී ගෙදර පේන මානයෙදි අර්ජුන් වාහනේ ස්ලෝව් කරන්න වගේ ඇහුවත් මං තව විනාඩියක් හරි පරක්කු වුනොත් වෙන දේ ගැන හිතලාම මං කෑගැහුවා.. වෙලාවට මට එන්න කිව්වේ මං ඉන්නම ඕන දෙයක් නිසාම තමා.. නැත්තං මිනිහා ලේසියෙන් මට ඕඩර් දෙන්නෙ නෑ..


අර්ජුන් වාහනේ යාඩ් එක දිහාට හරවගෙන වේගෙන් එලවගෙන යනකොට මං අතේ මෙච්චර වෙලා තිබ්බ වොලට් එක කලිසම් සාක්කුවට ඔබාගෙන අතින් කොන්ඩෙ ටිකක් හදාගත්තා.. හදිස්සියට දාගත්ත ඇදුම මිස වෙනදා වගේ පිලිවෙලට ලෑස්ති වුනෙත් නෑ.. මං හිටියේ බටර් පාට දිග කලිසමට උඩින් සුදු වැලමිට ලගට නවපු අත් දිග ෂර්ට් එකක් ඇදලා....


වාහනේ පාකින් එකේ දැම්මහම මං බැහැලා ඉස්සර වුනා.. මගෙ පිටිපස්සෙන් ගාඩ්ලා දෙන්නෙක් ආවත් සුපුරුදු විදිහට අර්ජුනයා අපි එක්ක ආවේ නෑ. ඌ කොහොමත් අයියා ඉන්න තැන් වල ටැග් ගැහෙන්න කැමති නෑ.. මොකද මාත් එක්ක වගේ කෝලම් කරන්න බෑ ඌත් එක්ක මුන්ට.. කපයි ඇගිලි දහයම චිරිස් ගාලා...

" අහ් මනමාලයා ආවද ? "

මොන සක්කිලි කතාවක්ද යකෝ ඒ.. යකඩ පුටුවක කකුලක් පිට කකුලක් දාගෙන ඉදගෙන හිටපු අයියා මගෙ දිහාට කින්ඩි හිනාවක් දාලා අහද්දි මං ඌට හොදම එකෙන් රවන්නත් හදලා මුකුත් නොකියා එතන තිබ්බ පුටුවක් ඇදලා අරන් වාඩි වුනා.. ඒ කින්ඩි හිනාවෙන්ම මූ කලේ මගෙ අවුල් වෙලා තිබ්බ කොන්ඩෙ තව ටිකක් අවුල් කරපු එක...

 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα