Episode 5 🪁

1.1K 280 94
                                    

Episode 5




අර්ජුන් කියනකන්ම මට හිතුනෙම නෑ බාප්පා වගේම අරුණාචලම් අන්කල් හැදුවෙ ඉන්ජිනේරු ජනනිව මගෙ ඇගේ ගහන්න කියලා.. කවුද හිතුවෙ ඉතින් හොදට කන්න බොන්න දීලා මගෙ ඔලුව අතගෑවේ ඕකට කියලා..

අනේ මන්දා කැම්පස් යන ලස්සන කෙල්ලෙක් වෙලා ඇයි මේකිට කොල්ලෙක් හොයාගන්න බැරි කියලා.. ලස්සනෙන් අඩුවකුත් නෑ ඒ වගේම උගත්කමෙනුත්.. හරි ඉතින් මෙහෙමයි මටත් කැම්පස් ගියා කියලා මොකෙක් වත් හිටියේ නෑ.. ඒත් අපි වගේ නෙවෙයිනෙහ් කෙල්ලො.. උන් ලස්සන නම් ෆ්‍රෙෂර්ස් ඩේ එකේදිම සීනියර් කොක්කක් ගහන්න පුළුවන්.. ජනනි නම් අහන හැම එකාටම බෑ කියලද මන්දා ගෙදරින් අදහස දාපු ගමන් මගෙ දිහා කර්ටන් අස්සෙන් හොරෙන් හොරෙන් බලන්නෙ..


" ඈහ් බොස්.. අපිත් සෙල්ලම් කරමුද ? "


" තමුසෙට පිස්සුද? අපි මේ පළාතෙත් නෙවෙයි.. එහෙව් එකේ ඒ පොඩි ඇච්චො එක්ක එකතු වෙලා ක්‍රිකට් ගහන්න පුළුවන් ද? "


ඊලග දවසෙ උදේ මමයි අර්ජුන් යි ගියා කුඹුර පැත්තේ ඇවිදින්න.. තනියම නෙවේ.. අරුණාචලම් අන්කල්ගෙ ගෙදර වැඩ කරන අගුරු පාට කොලුවත් එක්ක.. ඒකාත් ඕන දේකට රෙඩී එකෙක් වගේ.. මට නම් ලොකුවට ඇවිදින්න වුවමනාවක් නැති වුනත් කොහෙද මේ ඩ්‍රයිවරයා එක්ක බෑනෙහ් ඉතින්..


" ඒ මල්ලියා අපිත් එන්නද සෙල්ලමට ? "


අර්ජුනයාට ඕන එකක් කරගන්න කියලා මං එතන මුල පෑදිච්ච පොල් ගහ ලගින් ඇන තියන් වාඩි වුනා.. එතන කලින් පාවිච්චි කරපු කමතක්ද කොහෙද.. බිම පුරාම තැලුච්ච පිදුරු තිබ්බා අලුත් පාටක් නැති.. කිට්ටුවම තිබ්බ කොට්ටම්බා ගහයි අඹ ගහයි නිසා ඒ හරියට හෙවනක් ගෙනෙද්දි කුඹුරෙන් එන හුලං පාර එක්ක ගමේ නිදහස විදින ගමන් මං හේත්තුවක් දාගෙන හිටියා..


ටිකකින් බලද්දි අර්ජුනයාට කොල්ලො බැට් එක දීලා.. ඒක අර බාල වර්ගයේ එකක්.. ඔය හොදයි ඉතින්.. ඉස්සර පොඩිම කාලේ අපි පොල්පිතිත් කපලා අරන් ඔරිජිනල් බැට් කියලා හිතන් ක්‍රිකට් ගහනවා.. දැන් උන්ට සාමාන්‍ය හරි බැට් එකක් තියන එක මදැයි.. මමත් ප්‍රේක්ෂකයා වෙලා උන්ගෙ සෙල්ලම බලන් ඉන්න ලෑස්ති වුනේ..


 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Where stories live. Discover now