Episode 2 🪁

1.7K 341 66
                                    

Episode 2




තිරුපති ආව කෙනෙක් කෝවිලට පය නොතියා යන්නෙ කොහොමද නේද.. නෑ ඒ අනික් මිනිස්සු.. මට ලොකුවට ආගම අදහන්න අදහසක් තිබ්බෙත් නෑ වුවමනාවක් තිබ්බෙත් නෑ.. මොකද මගෙ ඉෂ්ට දෙවියන්ව මගෙ ඇස් ඉස්සරහා මරලා දානකොට මගෙ හිතේ තිබ්බ දේව භක්තිය නැත්තටම නැති වෙලා ගියා..


එක අතකින් බලද්දි දෙවියන්ට දොස් පවරලා වැඩකුත් නෑ. මගෙ අම්මටයි තාත්තටයි මෙහෙම වුනේ මොකක්ම හරි හේතුවක් නිසා වෙන්න ඇති.. අදටත් මං දන්නෙ නෑ ඇයි එයාලට එහෙම වුනේ කියලා.. මොකද බාප්පා කිව්වේ මං ඒ දේ හොයන්න හදන එකෙන් වෙන්නෙ මගෙ ජීවිතේ නිදහස නැති වෙන එක විතරයි කියලා...


බාප්පා එහෙම කිව්වට මට ඇති නිදහසක් තිබ්බෙත් නෑ.. එයාගෙ බිස්නස් මට වගේම මගෙ අයියට පවරපු දවසෙ ඉදන් අයියා කෙසේ වෙතත් මං නම් ඉන්නෙ හෙම්බත් වෙලා. මොකද මට කොහෙත්ම පුළුවන්කමක් නෑ බාප්පට පිටුපාන්න මොකද අනාථ වුන අපිට පිහිට වුනේ එයා.. ඉතින් මට සිද්ධ වුනා එයාගේ බිස්නස් සේරගෙම ප්‍රමුඛයා වෙන්න.


ඔව් මෙහෙමයි.. බිස්නස් කිව්වහම මේ දකුණු ඉන්දියාවෙ හොද බිස්නස් විතරක් තියෙන් නෑ.. ඒක කොහෙත්ම වෙන්නෑ.. ගොඩක් සල්ලිකාර මිනිස්සු උඩින් ටයි කෝට් සූට් බූට් ගහලා හිටියට යටින් අරන් යන්නෙ වෙනමම ගේම්.. හරියට මගෙ බාප්පා වගේම.. අවුරුදු ගානක් එක දිගට හොදම ව්‍යවසායකයට හිමි සම්මානය ගත්තට එයාගෙ ලෝකය වුනේ වෙනම එකක්.. මමත් මේ වෙද්දි ඒ ලෝකයේ කොටස්කාරයෙක්.. කරන්න දෙයක් නෑ.. මේක මගෙ දෛවය !!

" මාස්ටර් ටිකක් හිමින් ඇවිදිනවද ?"

" ඇයි උබ ගෑණියෙක්ද බන් ? ට්‍රේනින් දෙනකොට උබට ඇවිදින්න පුරුදු කරේ නැද්ද බාප්පා ??"


අර්ජුන්.. මගෙ ඩ්‍රයිවරයා.. දවසකට එක පාරක් මගෙන් බැනුමක් අහලා මූ සෑහීමකට පත් වෙන්නෑ.. ඒක නිකන් මිනිහාගෙ විනෝදාංශය වගේ.. මගෙන් බැනුමක් ඇහුවෙ නැත්තං කෑවේ නෑ වගේ.. මං සාමාන්‍ය විදිහට සැහැල්ලුවෙන් හැසිරෙන්නෙ මුන් ඉස්සරහා විතරයි.. බිස්නස් වලදි මං වෙනම ආර්‍යන් කෙනෙක්.. එතකොට මේ හිතින් හිතන ජොලි මූඩ් එක කොහෙත්ම නෑ..


 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Where stories live. Discover now