Episode 11 🪁

936 252 48
                                    

Episode 11




වාහනෙත් නවත්තගෙන පිස්සුවක් කෙලින මං දිහා ගෙදර අය සේරම පුදුම වෙලා බලන් හිටියත් මට එයාලා ගැන සිහියක් තිබ්බේ නෑ.. යමහා බයික් එක ස්ටාර්ට් කරලා ඉස්සරහාට ඇදෙද්දිම මං ගිහින් අත දැම්මා.. බ්‍රේක් එකකුත් ගහගෙන හෙල්මට් එක දාගෙන හිටපු කෙනා මගෙ දිහා එක එල්ලේ බලාගෙන හිටියා...


" ලියෝන්.... අනේ සොරි... ඔයා දුන්න කාඩ් එක මගෙ අතින් නැති වුනා... අනේ ඔයා මාත් එක්ක තරහද ලියෝන්... "

මගෙ ඇස් අගට කදුලුත් ඇවිත්.. ඊටවඩා මං හිටියේ කලබල වෙලා.. මොකද මං කියන වචනයක් ගානේ ලියෝන් අහගෙන හිටියේ ඇක්සලේටර් එක එකතැන රේස් කරන ගමන් වෙද්දි සයිලන්සර් එක බෘම් බෘම් ගගා මහා හයියෙන් සද්දයක් ආවා..


" ම්... මං ඔයාව හෙව්වා.. පුළුවන් හැමතැනකම.. ඒත් ඔයාගෙ නම තියන කෙනෙක් හොයාගන්න බැරි වුනා.. අනේ මට සමාවෙන්න ලියෝන්... "


මං එයාගෙ මූණට එබෙන ගමන් තවත් පැහැදිලි කරද්දි එකපාරටම ඇක්සලේටර් එක රේස් වෙන එක නැවතිලා ලියෝන් යතුර අනික් පැත්තට කරකවලා බයික් එක නැවත්තුවා.. තෙත් වුන ඇස් කොන් පිහදගෙන මං හිනා වුනේ එයා තරහක් නෑ කියලා පෙන්නපු නිසා වුනත් එකපාරටම...


" ඔයාට වැරදිලා මිස්ටර්..  මං ලියෝන් නෙවෙයි... "


හෙල්මට් එක ගලවන ගමන් ඒ රූපය කතා කරද්දි මං අඩියක් පිටිපස්සට විසික් වුනා. කිව්වා වගේම හිටියේ මගෙ කයිට්ස් නෙවේ වෙන හාදයෙක්.. ඒත් දෙවියනේ මේ බයික් එක.. අනික බයික් එකට නගින්න හිටපු කෙනාගෙ හැඩරුව සම්පූර්ණයෙන්ම ලියෝන් වගේමයි මං දැක්කේ.. කලබලේට මගෙ ඇහැ රැවටිලාද.. මං මුකුත් නොකියා වෙව්ලන තොල් වලින් එයා දිහා බලාගෙන හිටියා...


" දැන් දැක්කා නේද... ඔයා කියන කෙනා නෙවේ මං..."


" ඒ.. ඒත් මේ බයික් එක.. මේක එයාගෙනෙහ්... "


බයික් එක පුරාම ඇස් අරගෙන යන ගමන් මං කිව්වත් හෙල්මට් එක අතේ තියන් හිටපු තලෙලු උස කොල්ලා කටකොනින් මට හිනාවක් දීලා ඔලුව ගැසුවා..

 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Where stories live. Discover now