Episode 27 🪁

753 219 66
                                    

Episode 27



අවුරුදු ගානක් එකම කැම්පස් එකේ ඉදලාත් අපි කවදාවත් මුණගැහිලා නෑ.. එක අතකින් පුදුම වෙන්න දේකුත් නෑ තමා.. එයා ලෝ ෆැකල්ටි එකේ මං මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ.. අනික මං එයාට වඩා සීනියර්.. ඉතින් මුණගැහෙන්නම කියලා දෙයක් නෑනෙහ්...


අනික අපි මූණට මුණගැහිලා තිබ්බත් මතක තියාගන්න තරම් ලොකු හේතුවක් තියෙන්න නැතුව ඇති.. වුවමනාවෙන් බලන්න නැතුව ඇති.. හැබැයි දැන් තමා හිතන්නේ අපි ඒ කාලේ ඉදන්ම දැන හදුනන් හිටියා නම් කොච්චර දුරක් මේ වෙද්දි ඇවිල්ලද කියලා..


" අපිත් කැම්පස් කාලෙ මුණගැහුනා නම්.. නේද ලියෝන් ! "


පහල කඩේකින් මසාලා තෝසෙ එන ගමන් මං එයාගෙන් ඇහුවෙ කම්මුලක් හිමීට පිරිමදින ගමන්...


" මුණගැහෙන්න වෙලාවක් එනවා ආර්යන්.. ඒ වෙලාව ආවහම අනිවාර්යයෙන්ම මුණගැහෙනවා !! "


එයා මගෙ දිහා බලාගෙන වචන බර කරලා කිව්වේ හරි අමුතු විදිහට.. ඒ එක්කම එයා එක්ක පැටලිලා තිබ්බෙ මගෙ අත අරගෙන ලියෝන් ඉම්බා..


ලියෝන් සංසාරේ පතාගෙන එන ආදරවන්තයො ගැන විශ්වාස කරනවද කියන්න දන්නෑ.. ඒත් මට හිතෙන්නේ එයයි මමයි මුණගැහුනෙ ඒ වගේ හේතුවක් නිසා කියලා.. නැත්තං එකම කැම්පස් එකෙත් ඉදලා කවදාවත් මුණ නොගැහුන අපි අවුරුදු ගානකට පස්සෙ දුර පාරකදි මුණගැහෙයිද ? ඉතින් ඒ කියන්නෙ අපි හමුවෙන්න තිබ්බාමයි කියලා නෙවෙද ?


" මං අද තමුසෙව ඇදට ගන්නේ නැතුව බිමට දානවා කියලා හිතාගෙන හිටියේ !! "


රෑටත් කාලා එයාවත් තුරුල් කරන් ඇදේ පෙරලුන මට පයින් පාරක් දෙන ගමන් ලියෝන් නපුරු හඩකින් කිව්වා.. උදේ වුන දේට මේ මිනිහා තාමත් පලිගන්න හදනවද මන්දා.. ගෙදර ආව වෙලාවෙ ඉදන් ගහගත්තු පාරවල් ටික ඇති.. මටත් හැරෙන හැරෙන අතට දෙද්දි මමත් දුන්නා රත්වෙන්නම..


ඇයි යකෝ.. මං ගියේ ඒකි එක්ක ලව් කරන්න නෙවෙයි නෙහ් මේ ප්‍රශ්නෙ විසදගන්න නෙහ්.. හැබැයි ඒ ගිය නිසා තමයි ජනනි මොන වගේ එකියක්ද කියලාත් මට අදුරගන්න පුළුවන් වුනේ.. කරුමෙට හරි බාප්පාගෙ වදේ ඉවසගන්න බැරුව ඒකිව බදින්න කැමති වුනා නම් මාර කරුමෙකට තමයි මාත් කරගහන්නේ..


 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Donde viven las historias. Descúbrelo ahora