Episode 39 🪁

662 208 59
                                    

Episode 39


කෑලි කපන්න පුළුවන් අදුරක් තිබ්බ ඒ රාත්‍රියේ වේගයෙන් ඉදිරියට ඇදුනේ මගෙ කලු පාට මොන්ටෙරෝ එක..

ක්‍රීස්ස්ස්ස්......

ඩ්‍රයිවර්ගෙ බ්‍රේක් සද්දෙට පැසෙන්ජර් සීට් එකේ ඉදගෙන කල්පනාවෙ හිටපු මං බෙල්ල හරවලා බැලුවා.. මගෙ ඇස් තිබ්බෙ රතු වෙලා.. ඩ්‍රින්ක් එකක් දාලා නම් නෙවේ තවමත් මං හොද සිහියෙන් ඉන්නෙ...


" සොරි බොස් ! කලු පාට බළලෙක් පැන්නා..."

" දැන් උබ කියන්නෙ මගෙ ගමන අසුභයි කියලද? "

" කොහෙත්ම නෑ බොස්... කොහෙත්ම නෑ..."


පැසෙන්ජර් සීට් එකේ ඉදගෙන හිටපු මගෙ දෑස් වල තිබ්බ කේන්තිය නිසාම අර්ජුනයාගෙ කටහඩ තරමක් වෙව්ලන සුලු වුනා... කටකොනින් හිනාවක් දුන්න මං ඩෑෂ් බෝට් එක උඩ තිබ්බ සිගරට් පැක් එකෙන් සිගරට් එකක් දල්වාගත්තා..

" උන් මොකද කියන්නෙ ? උන්ට සරුංගලේ අල්ලන්න පුළුවන් වෙලාද?"

" තාම නෑ බොස් "

" හ්ම්ම්... යමන්... සිහියෙන්... "



මගේ නියෝගයෙන් ආයෙත් වාහනේ ඉදිරියට ඇදෙන්න ගත්තා.. ඒ සිගරට් එක අවසානෙ දක්වා දැල්විලා යනකන්ම මං කල්පනා කලේ එක් පුද්ගලයෙක් ගැන විතරයි... ඒ කයිට්ස්.. ආර්යන්ගෙ නිල් අහසේ පාවෙලා ගිය සරුංගලේ....

මාස පහකට කිට්ටු වෙලා තිබ්බත් ලියෝන්ගෙ හෙවනැල්ලක් වත් හොයාගන්න පුළුවන් වුනේ නෑ. මට කියලා කොච්චර මිනිස්සු හිටියත් එයා ඇත්තටම කොහෙද ඉන්නේ කියලා තාමත් රහසක් වගේ..

හොදටම විශ්වාසයි සරුංගලේ USA ගියෙ නෑ කියන එක. එයා තාමත් ඉන්නේ ඉන්දියාවෙ මොන තූත්තුකුඩියෙ හරිම තමයි. ඒත් හොයාගන්න බැරි වැඩෙත් ඒකම තමයි. මෙච්චර කන්ටෑක් තියන මට කිසි දෙයක් හොයාගන්න බෑ කියන්නෙ ලියෝන් ඉන්නවා ඇත්තේ කොච්චර ලොකු සිකියුරිටි එකක් යටතේද..

කවුද ඒ උබේ සහෝදරයෝ ඉන්ධර් ධවාන් ? එලියට් ධවාන් ද ? උබව හංගන් පරිස්සම් කරන් ඉන්නේ උන්ද ?

වේගයෙන් ගමන් ගත් වාහනය වරායට ඇතුල් වෙද්දි මං දැක්කේ ඈත තියාම කලබලයක්.. අර්ජුනයාගෙ මූණෙනුත් ඒ ගැන හොදක් දැක්කෙ නැති වෙද්දි මගෙ අත ගියෙ ඉනේ තිබ්බ පිස්ටල් එකට...


 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Where stories live. Discover now