Episode 13 🪁

864 233 65
                                    

Episode 13



වෙලාවකට අර්ජුනයා කියන්නෙ මලම මල මලකඩ කාපු ඇණයක්.. උගෙ හොදක් තිබ්බොත් ඒ කලාතුරකින් තමා.. ඌ කරන දේවල් වලට බැන්නා කියලා උට ගානකුත් නෑ ඌට බනින මට ගානකුත් නෑ.. පෝන් එක ලිස්සලා වැටෙන්න ගිහින් නූලෙන් බේරගත්තේ මුගෙ ලොවන කතාව එක්ක.. ඒකත් බාප්පට..

ඒත්.. මං කෙල තලියකුත් ගිලලා බලාගෙන හිටපු විදිහටද කොහෙද අර්ජුනයා පෝන් එක කනෙන් අරගෙන බඩ අල්ලගෙන මට හිනාවෙන්න ගත්තා.. ඒක ඇත්තටම බාප්පාට කියලා නෑ.. ඒ වුනත් ඒක මහා බයානක විහිලුවක් කියලා මට තේරුනා.. ඒ නිසාම වෙන්න ඇති කොටි හපුවෙක් ගොදුරකට පනින්න බලාගෙන ඉන්නවා වගේ බැල්මකින් මං ඩ්‍රයිවරයා දිහා බලාගෙන හිටියේ..


" හම්මෝ ඇති.. තව නම් හිනාවෙන්න බෑ.. මගෙ බඩත් රිදෙනවා හිනාවෙලා.. "


" යාහ්.... කවුද ඉතින් උබට කිව්වේ හිනාවෙන්න කියලා..."


අන්තිමට බිම වැටීගෙන හිනාවෙවි හිටපු මූ මගෙ දිහා බලාගෙන කියද්දි පෝන් එකෙන් මූණට දමලා අරින්න ආව කේන්තිය මැඩ ගත්තා.. අන්තිමට ඕක කැඩුනොත් මං ලියෝන්ට කතා කරලාත් ඉවරයි.. ඊටපස්සෙ බාප්පාට කිව්වට හපන් වෙනවා මගෙ කොල්ලාගෙ කුනුහර්ප සෙට් එක අහන්න ගියහම..


" මෙතනින් පලයන්.. මගෙ දෑහැට නොපෙනී පලයන් අර්ජුන්.. මං උබට තත්පර තිහක් දෙනවා.. "

" ඇයි තිහක් ? දෙන්නකෝ තිහයි දශම පහක්... "

" තොට මම.... "


" අහ්... මේ ගියෝ. .  . . ."


හරියන් නෑ මේක.. මට මගෙ කොල්ලා දිහා නිදහසේ බලාගෙන ඉන්නවත් වෙන්නෑ දැන්.. අර්ජුනයා උඩ පැන පැන ඔය ගියාට ඕකා මං ගැන හොද සෙවිල්ලෙන් ඉන්නෙ දැන් ඉදන්.. මොකද මීටකලින් කවදාවත් මං මෙහෙම පෝන් එකක් ලොවලා නෑනෙහ් උගේ භාෂාවෙන් කියනවා නම්..


බාප්පයි අයියයි රෑ කෑම වෙද්දි ගෙදර ඇවිත් හිටියා.. අඩුගානෙ මං දන්නෑ එයාලා කොහෙද ගියෙ කියලා වත්.. මොකද මට කිසි දෙයක් කිව්වෙ නෑ.. කොහොමත් මාත් එක්ක වඩා අයියා එක්ක බාප්පගෙ ගනුදෙනු වැඩියි.. එයාගෙ ඩ්‍රග්ස් මාෆියා එකට වැඩිපුරම සපෝර්ට් කරේ අභී.. මං ඒ දේවල් දන්නවා වුනත් දන්නෑ වගේ හැසිරෙනවා..


 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Où les histoires vivent. Découvrez maintenant