Episode 25 🪁

710 198 51
                                    

Episode 25


ලියෝන්ට එයාගෙ බෝඩිම අස් කරලා යතුරු බාරදෙන්න තියනවා කිව්ව නිසා පහුවදා පාන්දරම එයා එක්ක මං දිල්ලි එන්න පිටත් වුනා. මටත් ඒ එක්කම තියනවා පොඩි වැඩක්.. හැබැයි මං තාම ලියෝන්ට ඒක ගැන කිව්වේ නෑ.. මෙයා කොහොම රෙස්පොන්ස් කරයිද කවුද දන්නේ...


අපි ඉන්ටර්සිටි ට්‍රේන් එකක සකන්ඩ් ක්ලාස් ටිකක් බුක් කරලා ආවේ.. ලියෝන්ට ආසයි කිව්වා මගෙත් එක්ක ට්‍රේන් එකේ යන්න.. බාප්පට මං කියලා ආවේ පොඩි වැඩකට දිල්ලි යනවා කරදර කරන්න එපා කියලා.. එයා නොරිස්සුමෙන් බැලුවා තමයි ඒත් ඉතින් මට වැඩක් නෑ.. මට කියලා පෞද්ගලික ජීවිතයක් තියෙන්න එපැයි කොච්චර එයා මාව හදාගත්තා කිව්වත්..


" නිදිමතයි වගේ ආර්යන්... "

" එහෙනම් මෙන්න මෙහෙම නිදාගන්න... "


ජනේලේ අයිනෙ ඉදන් එලිය බල බලා හිටපු එයා මගෙ දිහා බලාගෙන කියද්දි මං එයාගෙ ඔලුව අරගෙන මගෙ උරහිසට හේත්තු කරගත්තා.. අපි පිටත්වුනේ උදේ හයයි දහයේ ට්‍රේන් එකේ.. මේ මිනිහාට නිදිමතයිලු.. පොඩි එකෙක් වගේ වෙලාවකට...


මගෙ උරහිසට ඔලුව තියන් එයා ඇස් පියාගත්දි උරහිස වටේ අත දාලා ලියෝන්ව මගෙ ඇගට තව ටිකක් මං ලං කරගත්තා.. ටිකක් සීතලයි තමා උදේ නිසා ඒත් ඕක හරියනවානෙහ් අව්ව ටික ටික ඇතුලට වැටෙන්න ගත්දි.. ලියෝන් මෙහෙම තුරුල් වෙලා ඉද්දි මට වටපිටාව ගැන වගක් වුනේ නෑ..


මේ ඉන්දියාව.. තාමත් ගොඩක් ජීවත් වෙන්නේ ට්‍රැඩිශනල් මිනිස්සු.. මෙහෙම කොල්ලෝ දෙන්නෙක් තුරුල් වෙලා යද්දි බලන මිනිස්සු ඉන්නවා.. සකන්ඩ් ක්ලාස් නිසා මං වටපිට බැලුවෙ නෑ.. ගොඩක් අය බුක් කරපු අංකෙ හොයන් ඇවිත් වාඩි වුනා එච්චරයි නෙහ්.. අනික මේක ඉන්ටර්සිටි.. වේගයෙන් යනවාත් එක්ක...


" හුගක් නිදිමතද ම්ම්ම්.. "


" ඇස් බරයි වගේ... "


" ඊයේ රෑ වැඩ අල්ලලා අමාරු ඇති සරුංගලේට..."


එයාගෙ සිනිදු කෙස් මගෙ මූණෙ වදිද්දි මං හිස් මුදුනට හාදුවක් තිබ්බා.. රෑට වැඩ අල්ලන එක ඉතින් අපේ හැටිනෙහ්.. ඒක මතක් කරා විතරයි මෙන්න මේකාගෙ තොල් වල මනමාල හිනාවක් නැගුනා.. බලන්න එපැයි ඒක..


 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Where stories live. Discover now