Episode 16 🪁

899 230 55
                                    

Episode 16



කළුවරේ පාර අයිනට කරලා නතර කරලා තිබ්බා වාහනයක්.. ඒ වාහනේ ඩ්‍රයිවින් සීට් එකේ හිටපු එකා ජනේලෙන් එලිය බලාගෙන ඉද්දි පිටිපස්සෙ සීට් එකේ දෙන්නෙක් වාඩි වෙලා හිටියා.. ඒ දෙන්නා අතර මේ.. මේ..


ඒ දෙන්නා පොඩි වැඩක් ඉතින්.. ඩ්‍රයිවර් නම් කන්දෙක ඇහෙන්නෙ නැති බීරෙක් වගේ ඇස් දෙකත් එලියට දාගෙන හිටියා.. මොකද පිටිපස්සෙ සීට් එකෙන් එන සද්දේ ඉතින් එච්චර හොද නෑ.. දන්නැද්ද ඉතින් මේ පොඩි මෙව්වා එකක් තමා...



" මිනිහෝ.... අර පිස්ටල් එක කොහෙන්ද උබට !! අහ් කතා කරපිය ආර්යන් කතා කරපිය !! "


ඔව් ඔව්.. ඒක තමා මුළු වාහනේටම ඇහුන එකම සද්දේ.. ඔය වාක්‍ය දැන් කීවෙනි පාරටද මන්දා ඒ කටින් කියවෙන්නේ.. ඒ මදිවට මගෙ කොලර් එකෙන් තද කරන් අල්ලගෙන දත්මිටි ත් කනවා.. මං කියලා ඉතින් මොනවා කියන්නද..

" මූට කන් ඇහෙන් කන් ඇහෙන් නෑ.. මං දැන් කීවෙනි වතාවටද ඕක ඇහුවෙ අහ් ! ඔයාට මාව විහිලුවක්ද ආර්යන් ?"


මං අර කලින් කිව්වානෙහ් පිස්සුවෙන් ආදරේ කරන කෙනෙක් හම්බුනා කියලා.. මං හිතන්නේ ඒක මිස්ටේක් එකක්.. මොකද මේ එන ටිකට ඒ අත මගෙ බෙල්ලට දෙතුන් වතාවක්ම හිරවෙලා තිබ්බා.. මටත් දීලා ඇද්දැහැකි.. හැබැයි ඉතින් මං කලින් මං කම්මුලටත් පාරක් දුන්න නිසා උබට ඕන තරම් කෑගහපන්කො කියලා සද්ද නැතුව ඉන්නවා මේ...


ලියෝන් එයාගෙ තුවාල වුන යාලුවවයි අනික් උන් දෙන්නවයි කිසි හිතක් පපුවක් නැති විදිහට ගෙදර යැව්වා. මං කියන්නෙ ඉතින් ඔච්චර ලස්සන සප්‍රයිස් එකක් ප්ලෑන් කරපු එකේ අඩුගානෙ උන්ට කන්න ටිකක් අරන් දීපන්.. නෑ අර කිව්වා වගේම ආත්මාර්ථකාමී කැරියෙක් තමා මූ...

" අතගන්න පැටියෝ.. මගෙ දැන් හුස්ම හිරවෙලා මැරෙනවා ඔය තද කරන විදිහට.. "

" ඇයි ආර්යන් ඔයා අහපු දේට උත්තර නොදෙන්නේ ?"

" අර්ජුන් අපි යමු නේද ? "


එයා ආයෙම ඇහුවත් ඒකට උත්තර නොදීම මං ඩ්‍රයිවරයාට කතා කරා.. කිව්ව සැනින් ඒකා වාහනේ ආයෙ ස්ටාර්ට් කරද්දි අත මිටමොලවලා ලියෝන් මගෙ කලවයට ගැහුවා දුම් පිටවෙන්න.. අර්ජුන් සිග්නල් දාලා ආයෙත් වාහනේ පාරට ගත්දි මං ලියෝන්ව ඇදලා තුරුල් කරගත්තා.. එයාගෙ හිස් මුදුනෙ මගෙ දෙතොල් තද කරද්දි එයා හිමීට සනීපෙට හුස්ම ගන්නවා දැනුනා..


 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Where stories live. Discover now