Episode 10 🪁

1K 253 83
                                    

Episode 10




අනික් හැමදේම ඔලුවෙන් අයින් වෙලා ගියේ අයියට පොලිස් රිමාන්ඩ් එකේ ඉන්න වුන සිද්ධියත් එක්ක.. කෝල් එකෙන් කෑගහලා බැන්න බාප්පත් පහුවෙනිදා උදේ වෙද්දි බැංගලෝර් ගෙදරට ඇවිත් හිටියා.. එයා කොහොමත් එහෙමයි.. කෑගැහුවට අපි කාට වුනත් ප්‍රශ්නයක් නම් තියෙන වැඩේ දාලා අනිවාර්යයෙන් එනවා..


සමහර ප්‍රශ්න තිබ්බා අපිට විසදගන්න පුළුවන් වුන.. ඒත් බාප්පට තිස් ගණන් වල හිටපු මායි අයියයි දෙන්නම පොඩි උන් විතරයි...


" මෙයා එනකන් මට වචනයක් වත් කිව්වේ නැත්තේ ඇයි ආර්යන්? අහ්හ්... මෙච්චර දෙයක් වෙලත්... "

යාලුවොත් එක්ක ශොපින් ගිහින් හිටපු පුංචි අම්මා පහුවෙනිදා උදේ බාප්පා හදිස්සියේ එනකන් දැනන් හිටියේ නෑ මේ වෙද්දිත් අයියා පොලිස් රිමාන්ඩ් එකේ කියලා.. සාමාන්‍යයෙන් කෙනෙක් ගෙදර නෑ කියලා ලොකුවට මතක් වෙන්නෙත් නෑ ඉතින්.. මේ ගෙදර විශාලයි වගේම මමයි අයියයි කොහොමත් හැම රෑකම ගෙදර ඉන්නෙත් නෑනෙහ්..


" මං ඊයේ ඩිනර් වලදිත්  ඇහුවා... ඇයි මට නොකිව්වේ ආර්යන්? උත්තරය මං බයවෙයි කියලා නොකිව්වා කියන එක නම් වචනයක් වත් මාත් එක්ක කතා කරන්න එපා !! "


පුංචි අම්මා ගැන කිව්වොත් එයා හරිම සන්සුන් විදිහට ජීවත් වෙන චාම් විදිහට අදින පලදින කෙනෙක්.. ඒත් එයාට කේන්ති ආවොත් අයියයි මමයි විතරක් නෙවේ බාප්පා වුනත් කිසි දෙයක් කියන්නේ නෑ කේන්තිය වැඩි වෙන විදිහට.. කෙනෙක්ට හිතෙන්න පුළුවන් ගෑණිට බයේ ජීවත් වෙනවා කොච්චර මැරයා වුනත් කියලා.. නෑ මං මීට කලින් දැකලාම නෑ බාප්පයි පුංචි අම්මයි තරම් මැචින් පර්ෆෙක්ට් කපල් එකක්...


" සරා... නව් රිලැක්ස්.. ආර්යන් එහෙම කලේ මම එනකන් විතරයි.. මම ඇවිත් ඔයාට කියන්න හිටියේ.. අභී කරගෙන තියෙන්නෙ බූරුවෙක් වත් කරගන්නෙ නැති මරි මොංගල් වැඩක්... "


බාප්පා එයාගෙ වයිෆ්ගේ උරහිස් දෙකෙන් අත් තියලා මූණට එබුනා.. බාප්පාගෙ කොන්ඩෙයි රැවුලයි සුදු වුනා කියලා නෑ මායම් ටිකයි මනමාලකමයි නම් හොදට වැඩ.. පුංචි අම්මත් මෙව්වට අහුවෙනවානෙහ් ඇත්තට.. අන්තිමට හිත හද හදා හිටපු මිනිහා අයියාට බනින්න පටන්ගත්දි මං හිනාව කාගෙන උඩ බලාගත්තා...


 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Where stories live. Discover now