Episode 3 🪁

1.4K 316 69
                                    

Episode 3




මහ වැස්ස අවසන් බිදුව දක්වා වැහැලා කෝවිල් භූමිය හිස් වෙලා යනකන් මං ඈත බලාගෙන හිටියා.. මිනිස්සු එකා දෙන්නා අපි හිටපු තැනින් විසිරිලා යන්න ගත්තත් මගෙ කකුල් නම් පොඩ්ඩක් වත් එහාට මෙහාට උනේ නෑ.. නෑ මං හිතන්නෙ මගෙ මොලයෙන් තාම සංඥාවක් දුන්නෙ නෑ වැහැලා ඉවරයි දැන් පල කියලා...


මගෙ ඔලුව උඩට වෙන්න අල්ලගෙන හිටපු ඒ ලස්සන ශක්තිමත් අත්දෙක එයා මේ වෙනකොටත් අරගෙන ඉවරයි.. ඒත් අපි කතාවක් නැතුව ඔහේ හිටගෙන හිටියා.. එයා මුකුත් කිව්වෙත් නෑ මං මුකුත් කිව්වෙත් නෑ.. දැන් ටික වෙලාවකට කලින් එයා දුන්න දිය වෙච්ච ලඩ්ඩුවකුත් කෑවා.. එයාගෙ සුලැගිල්ලෙන් අල්ලලා මෙතනට ඇදන් එන්න ගටකුත් තිබ්බා.. ඒත්...


අනේ මන්දා.. මේ වෙද්දි මාව ගොලුවෙලා.. මගෙ දිවත් ගිලිලා ගිහින් වගේ.. කවදාවත් නැතුව මනුස්සයෙක් ඉස්සරහා මාව මෙච්චර අසරණ වුනාමයි.. මං හැමතිස්සෙම වගේ ඕන වැඩකට ෆෝවඩ්.. ඉස්කෝලේදි පවා එහෙමයි.. බිස්නස් වලදි උනත් හරි තීරණයක් ගන්න දෙපාරක් හිතුවෙ නෑ.. ඒත් මං දන්නෑ ජීවිතේ පළවෙනි පාරට මාව මේ මනුස්සයා ඉස්සරහා ගොලුවෙලා ගිහින්...


" මිස්ටර් ආර්යන් ! මේ මං යන්න කියලා "

එයාගෙ කටහඩ ඇහෙද්දි තමයි ඈත නිල් පාට කදු මුදුනෙ රැදිලා තිබ්බ මගෙ ඇස් අංශක සීයක් වගේ හැරවුනේ.. බෙල්ලත් ඒ විදිහටම හැරිලා තියෙද්දි මගෙ උස සමානව හිටපු එයාගෙ ඇස් දිහා මං බලාගෙන හිටියා.. එයාගෙ නම ලියෝන්.. ඒක මං දැනගත්තේ එයා දුන්න චිත්‍ර වල ඒ නම තිබ්බ නිසා... ලියෝන්... ලියෝන්... වට් අ නයිස් නේම්.. බට් ඇත්තටම ඒක ඉන්දියාවෙ නමක්ද ? කොහොමත් එයාට ඉන්දියාවෙ කොල්ලෙක්ගෙ ලුක් එකක් තිබ්බෙත් නෑ.. හැබැයි එයාගෙ මේ හින්දි වගේම ටැමිල් ප්‍රනවුන්ස් ත් නියමෙටම තිබ්බා..


" ඔයා මෙහෙ කෙනෙක් නෙවේද ? "

" අහ් ? මෙහෙ තමයි "

එයා පපුව පුරාම විසිරිලා තිබ්බ වතුර අතින් පිහදාද්දි ඒ රෝස දුඹුරු පාටට තෙත් වෙලා තිබ්බ තන පුඩු දිහා නොබලා ඉන්න බැරි වුනා.. එයාගෙ පපුව හොදට පිරිලා තිබ්බා.. නෑ ගෑණියෙක් වගේ නෙවෙයි.. හොදට හයියට ජිම් ගිහින් වගේ හදාගෙන.. එයාව දැක්ක ගමන් කිව්වහැකි නියම පිරිමියෙක් කියලා.. මං ලියෝන් දිහා බලාගෙන අනිමිස ලෝචන පූජාවක නියලිලා ඉන්න ගමන් එයාගෙන් විස්තර දැනගන්න ඕනකමක් හිතට ආවා..


 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Where stories live. Discover now