Episode 37 🪁

713 203 40
                                    

Episode 37


" එස් අයි සර් ! සර්ව මුණගැහෙන්න මිස්ටර් ආර්‍යන් ඇවිල්ලා "


මගෙ ඔලුවෙ වැඩ කරේ එකම එක දෙයක් විතරයි. ලියෝන් ගෙදරින් ගියාට පස්සෙ මට මුලින්ම යන්න ඕන වුනේ එතැනට. බැංගලෝර් පොලිස් ස්ටේෂන් එකට.. මොකද අද මට තියනවා දෙකෙන් එකක් බේරගන්න. හොදින් හෝ නරකින් ! 

" එන්න කියන්න "


එස් අයි ගෙ කැබින් එකේ දොර ලගට වෙලා හිටන් ඉන්න මට ඇහෙනවා ඇතුලට ගිය සාජන් කිව්ව දේ වගේම ඇතුලේ ඉන්න මට පේන්න බැරි එකා කිව්ව දේ. සාජන් කැබින් එකේ දොර අරිද්දිම මං ඒ මිනිහාවත් පෙරලගෙන ඇතුලට ගිහින් ටේබල් එකට සද්දෙන් අත්දෙක තියලා මගෙ දිහා බලාගෙන ඉන්න එලියට් දිහා බැලුවා.


" ලියෝන් කොහෙද "

ආයෙ සුහද කතාවකට මුල පුරන්න ඕන වුනේ නෑ කොහෙත්ම මට.. මොකද එලියට් මා දිහා බලාගෙන ඉන්න විදිහට ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑ මං ආව කාරණාව.. මොකද මිනිහා ඒක දන්නවා දැනටමත්.


" මිස්ටර් ආර්යන් පොලිසියට ආවේ වැරදිලාද ? අපි කොල්ලො හංගගෙන නෑ !! "

මට මූව පේන්න බෑ අඩේ.. මගෙ ලියෝන්ගෙ ෆේස් කට්ම තිබ්බත් මූ ලියෝන්ගෙ ලගින්වත් තියන්න බැරි ගල් මූසල ආදෙක් සිරාවටම.


" නිකන් බොරු ටෝක් දාන්න එපා එස් අයි මහත්තයා.. කරුණාකරලා මට කියනවා ලියෝන් දැන් කොහෙද ඉන්නේ ?"

" තමුන් මට තර්ජනය කරනවද ? ඒකත් මගෙ තැනටම ඇවිත් ? "


මට කොනකින් හිනාවකුත් දාගෙන එලියට් එයාගෙ සීට් එකෙන් නැගිටලා ජනේලෙ ගාවට ගිහින් හිටගත්තා. උබට තර්ජනය කරන්න වුනත් මට බැරිකමක් නෑ මොකද මං උබට පොඩ්ඩක් වත් බය නම් නෑ..

අද මං උබව හම්බෙන්න ආවේ උබේ ලොකුකම බලලා හරි ලියෝන් ඉන්නේ කොහෙද කියලා හොයාගන්න විතරයි. මොකද අපේ ප්‍රශ්නෙ අතරමැදියා වුනේ තමුන් නිසා. තමුන් නොදන්නවා වෙන්න බෑනෙහ් මං හොයන දේ !


 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒  𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️Where stories live. Discover now